චීනයට ආවේණික නවීකරණය තුළින් අත්පත් කරගන්නා විද්‍යාත්මක නවීකරණයේ වැදගත්කම් චීන ජනපති අවධාරණය කරයි

චීනයට ආවේණික නවීකරණය තුළින් අත්පත් කරගන්නා විද්‍යාත්මක නවීකරණයේ වැදගත්කම් චීන ජනපති අවධාරණය කරයි

චීනයට ආවේණික නවීකරණ ක්‍රියාවලියේදී විද්‍යා හා තාක්ෂණ නවීකරණය අතිශය වැදගත් අංගයකි. මේ අනුව, ’15වන පස් අවුරුදු’ කාලය(2026-2030), චීනය විද්‍යාත්මක හා තාක්ෂණික අතින් ප්‍රබල රටක් ලෙසට ගොඩනැංවීමට ඉතා වැදගත් කාල පරිච්ඡේදයක් ලෙස හඳුන්වා දිය හැකියි. මෙම වසර ආරම්භයේ සිට මේ වනවිට, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ස්වෝත්සාහයෙන් රටේ ඉහළ මට්ටමේ විද්‍යා හා තාක්ෂණ අංශ වැඩිදියුණු කිරීමට උපදෙස් රැසක් ලබා දී තිබේ.

පසුගිය පෙබරවාරි මාසයේ බෙයිජිං නගරයේ ආර්ථික හා තාක්ෂණ සංවර්ධන ප්‍රදේශය වන Yizhuang ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණ, රොබෝ තාක්ෂණ යනාදී නව්‍යකරණ ප්‍රගතීන් දැන ගත් ෂී ජින්පිං මහතා එහි සිටි පර්යේෂක පිරිසක් සමග එක්ව සුහද පිළිසඳරකට එක්විය. එහිදී චීනයට ආවේණික නවීකරණය තුළ විද්‍යාත්මක නවීකරණය ඉතා කැපී පෙනෙන්නක් බව අවධාරණය කළ ෂී ජින්පිං මහතා, ගුණාත්මක ක්ෂේත්‍ර ඒකාබද්ධ කරගනිමින් ප්‍රධාන ගැටලුවලට පිළියම් ලබා දිය යුතු බවට උපදෙස් දුන්නේය.

මාස දෙකකට පසුව, ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන්, මූලික පර්යේෂණ ශක්තිමත් කිරීම පිළිබඳ රැස්වීමක් ශංහයිහිදී පැවැත්විණ. මෙම වසරේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා පැවැත්වූ ප්‍රථම වැදගත් රැස්වීම ද එය වෙයි.

‍එමෙන් ම, චීන ජනාධිපතිවරයා ඉකුත් ජුලි මස 08වන දා බෙයිජිංහි පැවති චීන විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ඇගයීමේ සම්මේලනය, චීන විද්‍යා ඇකඩමියේ හා චීන ඉංජිනේරු ඇකඩමියේ විද්වතුන්ගේ සම්මේලනය සහ චීන විද්‍යා හා තාක්ෂණ සංගමයේ 11 වන ජාතික නියෝජිත සම්මේලනයට ‍එක්වෙමින් වැදගත් දේශනයක් සිදු කළේය. විද්‍යා හා තාක්ෂණ අතින් ප්‍රබල රටක් ලෙස තම රට ගොඩනැංවීමේ අරමුණින් රට හා ජනතාව වෙනුවෙන් ඇපකැප ‍වන්නැයි හෙතෙම එහිදී අදාළ ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන් බලගැන්වීය.

මේ අතර, පසුගිය ජුලි මස 17වැනි දා ශංහයිහි 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම පැවැත්විණ. එහි සමාරම්භක උත්සවයේදී ප්‍රධාන දේශනය සිදු කළ චීන ජනාධිපතිවරයා ගෝලීය කෘත්‍රිම බුද්ධි සංවර්ධනය හා පාලනය පිළිබඳ චීනයේ දැක්ම ඉදිරිපත් කළේය. වගකීම් සහගත රටක් ලෙසට චීනයේ වගකීම් හා යුතුකම් එමගින් මනාව පිළිබිඹු කෙරේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *