වෙළඳපොළ විවෘත කිරීම, ආයෝජන සහයෝගීතාව පුළුල් කිරීම, නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම සහ වෙළඳ බාධක ඉවත් කිරීම තුළින් සමබර වෙළඳාමක් ඇති කිරීමට රටවල් එක්ව කටයුතු කළ යුතු බව චීන උප අගමැති Ding Xuexiang මහතා පවසයි.
ශංහයි නුවර පැවැති 9 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සහ හොංචියාඕ ජාත්‍යන්තර ආර්ථික සංසදයේ සමාරම්භක උත්සවයේදී ඔහු මේ බව පැවසීය.
ගෝලීය ආර්ථිකය දැඩි වෙනස්කම්වලට මුහුණ දෙමින් සිටින අතර, සංවර්ධන අසමතුලිතතා සහ ජාත්‍යන්තර වෙළඳ පිළිවෙළට එල්ල වන බලපෑම් පිළිබඳව ද Ding Xuexiang මහතා අවධානය යොමු කළේය.
රටවල් වෙළඳපොළ අවස්ථා බෙදාගනිමින්, තම වාසි ප්‍රයෝජනයට ගත යුතුය. ගෝලීය කර්මාන්ත හා සැපයුම් දාම සමග ඒකාබද්ධ වෙමින් ආයෝජන සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව ද ඔහු පැවසීය.
එමෙන්ම Ding Xuexiang මහතා අවධාරණය කළේ සැපයුම්වල ගුණාත්මකභාවය ඉහළ නංවා, වෙළඳ ක්ෂේත්‍ර පුළුල් කරමින්, ආර්ථික පරිවර්තනය සමග නවීකරණය වේගවත් කළ යුතු බවය.
වෙළඳ බාධක ඉවත් කර රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය වර්ධනය කිරීම මෙන්ම මතභේද සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමේ වැදගත්කම ද ඔහු එහි දී පෙන්වා දුන්නේය.
