මෑතකදී චීන මාධ්‍ය සමූහය විසින් සත්කාරකත්වය දරන ‘චීනයේ පාලනය හා ලෝක ව්‍යාප්ත සංවර්ධනය’ පිළිබඳ ගෝලීය සංවාදය යන තේමාව යටතේ පැවති ගෝලීය සංවාද මාලාවට සමගාමී සැසි කිහිපයක් ප්‍රංශය, කුවේට්, කාම්බෝජය හා උරුගුවේ යන රටවල පැවැත්විණ. එමෙන්ම ඉතාලිය, ජර්මනිය හා බ්‍රසීලය ඇතුළු රටවල ප්‍රේක්ෂකයන් වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ CGTNහි මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරයේ ප්‍රවර්ධන වැඩසටහන් ද පැවැත්විය.
චීන පාලනයේ සාර්ථක අත්දැකීම්, චීන සංවර්ධනයෙන් ලෝකයට ලබා දෙන දායකත්වය යනාදී තේමා ඔස්සේ එහිදී විද්වත් සාකච්ඡා පවත්වා ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිය සාර්ථකව පැවැත්වීමෙන් චීනයේ පාලනය සම්බන්ධයෙන් අවබෝධය ලබාගැනීමට වටිනා අවස්ථාවක් සපයා ඇති බව ඔවුහු පැවසූහ.
නව යුගයේ සිට පූර්ණ වශයෙන් පක්ෂය විධිමත් ලෙස පාලනය කිරීම සමත් වූ චීනයේ ජයග්‍රහණය හා අත්දැකීම, ලෝකයේ සෙසු පක්ෂවල අභිවෘද්ධිය, ජාතික පාලනය හා ගෝලීය පාලනයට උපකාරී වේ. විවිධ රටවල් සමග අත්වැල් බැඳගෙන වඩාත් සුන්දර අනාගතයක් බිහි කිරීම චීනයේ නිරන්තර අපේක්ෂාවයි.
