නේපාලයේ දිස්ත්‍රික්ක 30කටත් හදිසි ගංවතුර අවදානමක්

නේපාලයේ දිස්ත්‍රික්ක 30කටත් හදිසි ගංවතුර අවදානමක්

දකුණු ආසියාව පුරා පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් නේපාලයට ද හදිසි ගංවතුර අවදානමක් මතු වී තිබේ. මේ වන විට වර්ෂාව නිසා ඇති වූ ආපදාවලින් පුද්ගලයින් 42 දෙනෙකු මිය ගොස් ඇති අතර පස් දෙනෙකු අතුරුදහන් වී ඇත. නේපාලයේ ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරියේ ප්‍රකාශිකා Shanti Mahat මාධ්‍ය වෙත පැවසීය.

එරට දිස්ත්‍රික්ක 30කට හදිසි ගංවතුර අවදානමක් පවතින බව ඊයේ(4) නේපාලයේ ජලවිද්‍යා හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ. එම දිස්ත්‍රික්කවල පිහිටි කුඩා ගංගාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බැවින් පූර්ව විමසිල්ලෙන් පසුවන ලෙස ගං ඉවුරු දෙපස සහ පහත් බිම්වල ජිවත්වන ජනතාවගෙන් රජය ඉල්ලීමක් කර තිබේ. අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් නාය යෑම් සහ ගංවතුර අවදානම මත එරට අධිවේගී මාර්ග කිහිපයක රාත්‍රී රථවාහන ධාවනය තහනම් කිරීමට නේපාල පොලීසිය පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *