විදෙස් සංචාරකයින්ගේ චීන සංචාරවල නව මුහුණුවර

විදෙස් සංචාරකයින්ගේ චීන සංචාරවල නව මුහුණුවර

මෑත වසර කිහිපය තුළ චීනයට පැමිණි විදෙස් සංචාරකයන්ගේ චීන සංචාරවල කැපීපෙනෙන වෙනස්කම් දක්නට ලැබේ. දර්ශනීය ස්ථාන නැරඹීම, භාණ්ඩ මිලදී ගැනීම මෙන්ම පමණක් නොව ඔවුහු සංචාර අතරතුර ‘චීන ජනතාව මෙන් චීන ජන ජීවිතය අත්විඳීමට’ විශේෂ කැමැත්තක් දක්වති.

චීනය මෙලෙස විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හේතු වී ඇති කරුණු චීන සංචාරක පර්යේෂණ ආයතන අධ්‍යක්ෂ Dai Bin මහතා පැහැදිලි කර ඇත. දීර්ඝ ඉතිහාසය, සුවිසල් භූමිය හා පොහොසත් සම්පත්වලින් යුත් චීනය තුළ විවිධ සංචාරක අත්දැකීම් ලබා ගත හැකිය. විදෙස් සංචාරකයින්ට එම අත්දැකීම් එක් සංචාරයකින් සම්පූර්ණ කර ගත නොහැකි වී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම චීනයේ නවීන ජීවන අත්දැකීම්, අඛණ්ඩව වැඩිදියුණු වන සංචාරක පහසුකම් ප්‍රතිපත්ති, ආරක්ෂිත සහ ස්ථාවර සමාජ පරිසරය මෙන්ම චීන ජනතාවගේ විවෘතභාවය සහ මිත්‍රශීලී බව යන සාධක හේතුවෙන් විදෙස් ජාතිකයෝ චීනය වෙත වැඩි ආකර්ෂණයක් දක්වති.

මේ වසරේ අප්‍රේල් මස වන විට චීනය රටවල් 29ක් සමග අන්‍යෝන්‍ය පුළුල් වීසා රහිත ගිවිසුම් අත්සන් කර ඇත. තවත් රටවල් 50ක් සමග ඒකපාර්ශ්වික වීසා රහිත ප්‍රතිපත්ති ද ක්‍රියාත්මක කර තිබේ. එමෙන්ම  පැය 240 වීසා රහිත ප්‍රවේශ ප්‍රතිපත්තිය රටවල් 55ක් සඳහා ක්‍රියාත්මක කර ඇත. එවැනි වීසා පහසුකම් ප්‍රතිපත්ති අඛණ්ඩ ව ව්‍යාප්ත කිරීම, චීනයෙන් පිටවීමේදී බදු ආපසු ලබා ගැනීමේ පහසුකම්, අධිවේගී දුම්රිය මාර්ගයේ කාර්යක්ෂමතාව, ජංගම ගෙවීම් සහ AI මගින් සංචාරය සැලසුම් කිරීම ආදී පහසුකම් යටතේ, “චීනයේ සංචාරය කිරීම” පෙරට වඩා පහසු වී ඇති බව නොරහසකි.

හුදෙක් චීන සංස්කෘතිය පමණක් නොව විදුලි මෝටර් රථ කර්මාන්තශාලාවල ස්වයංක්‍රීය නිෂ්පාදන සිදු වන ආකාරය නැරඹීම, ඩ්‍රෝන යානා භාණ්ඩ ප්‍රවාහන කිරීම, රොබෝ සහායක සේවා යන නව තාක්ෂණික චාරිකා ඔස්සේ විදේශීය සංචාරකයන් වෙත චීන සංවර්ධනය හා නව්‍ය අවස්ථා පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාව විවර වී තිබේ.

ඊට අමතරව, විදෙස් සංචාරකයන් චීනයේ සංචාරය කිරීමේදී ‘චීනයට අනන්‍ය සුරක්ෂිතභාවය’ පිළිබඳ ප්‍රායෝගික ව අත්දැකීම් ලබා ගත හැකිය. චීන සමාජයේ ඉහළ මට්ටමේ සුරක්ෂිතභාවය, චීන ජනතාවගේ මිත්‍රශීලී බව සහ විවෘතභාවය සංචාරකයන් යළි යළිත් ආකර්ෂණය කර ගැනීමට බලපා ඇත. 

ඉදිරි වසර පහ තුළ චීනය සේවා අංශයේ විවෘතභාවය තවදුරටත් පුළුල් කිරීමට අවධානය යොමු කරමින් “චීන සේවා” වෙළඳ සන්නාම ගොඩනගනු ඇත. එමගින් ගෝලීය සංචාරකයින්ට වඩාත් පහසු සේවාවන්, පොහොසත් ජීවන අත්දැකීම් සහ පුළුල් සංස්කෘතික අවබෝධයක් ලබා දීමට අපේක්ෂා කෙරේ. නවෝත්පාදනයෙන් හා සංස්කෘතික චමත්කාරයෙන් පිරුණු සාමකාමී සංවර්ධනයට කැප වී සිටින චීනය ඉදිරියටත් විදෙස් සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණය අඛණ්ඩව දිනා ගනු නොඅනුමානය.  

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *