ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශිකාව ධුරය හැර යයි

ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශිකාව ධුරය හැර යයි

ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලින් ලෙවිට් මේ මස අවසානයේදී ධුරයෙන් සමුගැනීමට නියමිත බව වාර්තා වේ. ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ සිය දරුවන් සහ පවුලේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් කැප කිරීමේ අරමුණින් ඇය එම පෞද්ගලික තීරණය ගත් බවය. ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලයේ ආරම්භයේ සිටම එම ධුරයේ කටයුතු කළ 28 හැවිරිදි කැරොලින් ධවල මන්දිර ඉතිහාසයේ මාධ්‍ය ලේකම් ධුරය දැරූ ළාබාලතම පුද්ගලයා වන අතර, ධුරයෙන් ඉවත්වුවද, ඇය සිය ප්‍රධානතම උපදේශිකාවක ලෙස බාහිරව කටයුතු කරනු ඇතැයි ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඇය 2024 ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධාන ප්‍රකාශිකාව ලෙසත් කටයුතු කර ඇති අතර, මාධ්‍ය සාකච්ඡාවලදී වාර්තාකරුවන් සමඟ දැඩි සංවාදශීලි සහ සෘජු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් කාගෙත් අවධානය දිනාගත් බව ද වාර්තා වේ. කෙසේ වෙතත් දේශපාලන විචාරකයන් සඳහන් කර ඇත්තේ ට්‍රම්ප් පරිපාලනයේ ඉහළ මට්ටමේ වෙනස්කම් රැසක් සිදුවීමට ආසන්න පසුබිමක සහ ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය අඩුවීම ඇගේ මේ හදිසි ඉවත්විමට හේතුව විය හැකි බවය. ඇගෙන් පසු හිස්වන ධුරය සඳහා මීළඟට පත්වන පුද්ගලයා කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *