පොදු ඉරණමක් සහිත චීන-කිර්ගිස්ථාන ප්‍රජාව තහවුරු කිරීම සඳහා වූ අලුත් ප්‍රවේශයක්

පොදු ඉරණමක් සහිත චීන-කිර්ගිස්ථාන ප්‍රජාව තහවුරු කිරීම සඳහා වූ අලුත් ප්‍රවේශයක්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා කිර්ගිස්ථාන ජනාධිපති සදීර් ජපරොව් මහතා අතර නිල සාකච්ඡාවක් බිෂ්කෙක් අගනුවර හාර්මනි මාලිගයේ දී පවත්වා ඇත. එය පැවැත්වුණේ චීන ජනපති කිර්ගිස්ථානයේ තුන්වන රාජ්‍ය සංචාරයේ නිරත වූ අවස්ථාවේදීය. 

එරට ඉහළ මට්ටමේ ප්‍රොටෝකෝලයකින් ගෞරවණීය චීන අමුත්තා පිළිගැනීම විශේෂත්වයකි. “ඔබ පවුලේ සාමාජිකයෙක්” යැයි කිර්ගිස්ථාන ජනාධිපතිවරයා ගුවන්තොටුපළේ ආචාර කිරීමේ අවස්ථාවේ දී පැවසීය. රාජ්‍ය නායක දෙපළ පොදු ඉරණමක් සහිත චීන-කිර්ගිස්ථාන ප්‍රජාව ගොඩනැගීම සඳහා නව ප්‍රවේශයක් ගෙන ඒම මෙන්ම ඒ සඳහා ප්‍රායෝගික මෙහෙයුම් ඉහළ නැංවීමට   ක්‍රියා කරමින් සිටින බව සඳහන් කෙරේ. එය කැළඹිලි සහිත ලෝකයේදී සාමය සහ සමෘද්ධිය සෙවීම මෙන්ම ආශ්වාදජනක ආදර්ශයක් වන බව ද විශ්ලේෂකයෝ විශ්වාස කරති.

අන්‍යෝන්‍ය යහපත් සහයෝගීතාවය යනු පොදු ඉරණමක් සහිත චීන-කිර්ගිස්ථාන ප්‍රජාවේ තහවුරු බව සඳහා ගාමක බලවේගයකි. කිර්ගිස්ථානය, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ සංවර්ධනය කිරීම සඳහා එක් වූ පළමු රටවලින් එකකි. වසර ගණනාවක් පුරාම කිර්ගිස්ථානයේ විශාලතම වෙළඳ හවුල්කරුවා මෙන්ම විශාලතම විදේශ ආයෝජන ප්‍රභවය බවට චීනය පත් වී සිටී. 2025 වසරේ දී, චීන-කිර්ගිස්ථාන වෙළඳ වටිනාකම ඇ. ඩො. බිලියන 27.2කට ළඟා වූ අතර එය ගිය වසරට සාපේක්ෂව 20%කින් වැඩිවීමකි. චීන-කිර්ගිස්ථාන-උස්බෙකිස්ථාන දුම්රිය මාර්ගය ඇතුළු උපායමාර්ගික ව්‍යාපෘති වේගවත් වෙමින් පවතින අතර කලාපීය ජනතාවගේ අපේක්ෂාවන් එමගින් සපුරාලීමක් ද ඉටු කෙරේ.

ශැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) ආරම්භක සාමාජිකයන් මෙන්ම ගෝලීය දකුණේ රටවල් වශයෙන් චීනය සහ කිර්ගිස්ථානය, ජගත් සාධාරණ සහ යුක්තිගරුක බව ආරක්ෂා කරමින් විවෘත හා පුළුල් පිළිගැනීමක් සහිත සංවර්ධනය ගොඩනැංවීමට ඒකමතික ස්ථාවරයක් බෙදා ගනු ඇතැයි සැලකේ. පොදු ඉරණමක් සහිත චීන කිර්ගිස්ථාන ප්‍රජාව බිහිකිරීමේ පොහොසත් බව එමගින් අර්ථාන්විතව පිළිබිඹු කෙරේ. 

2026 දී, කිර්ගිස්ථානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර නොවන සාමාජිකයෙකු ලෙස පළමුවරට තේරී පත්ව ඇත. මෙම අවස්ථාවේදී කලාපීය සාමය සහ ස්ථාවරත්වය ඒකාබද්ධව ආරක්ෂා කළ යුතු අතර, චීනය හා කිර්ගිස්ථානය එක්සත් ජාතීන්ගේ රාමුව තුළ වඩාත් සාධාරණ හා යුක්තිසහගත ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීම වෙනුවෙන් සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු යැයි ද අපේක්ෂා කෙරේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *