නේපාලයට ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහාය

නේපාලයට ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහාය

නේපාලයට බල පෑ හදිසි ජල ගැලීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබාදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සිහිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර ඇත්තේ, මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාව නේපාල ජනතාව සමග එක්ව සිටින බවයි.

මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නේපාල විදේශ කටයුතු අමාත්‍ය ශිෂීර් ඛනාල් මහතා සමග දුරකථන සංවාදයක නිරත වෙමින් ශ්‍රී ලංකාවේ ශෝකය, සහයෝගය සහ සහෝදරත්වය පළ කර තිබේ.

නේපාලයේ සහන හා ප්‍රතිසාධන කටයුතු සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලබාදිය හැකි තවත් සුදුසු සහයෝගිතා ක්‍රමවේද පිළිබඳව ද රජය අවධානය යොමු කරමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *