නේපාල – ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ හදිසි ජල ගැලීම් සහ මඩ ප්‍රවාහ හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 475 දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තවත් 1,400කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවයි.
අමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසන්නේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් ඇති වූ දැවැන්ත අයිස් හා සුන්බුන් ප්‍රවාහයක් මෙම ආපදා තත්ත්වයට හේතු වී ඇති බවයි.
