චීන කණ්ඩයම් විසින් Xizang‍හි Gyirong කෝරළයේ නායයෑමෙන් බලපෑමට ලක්ව සිටි සියලු පදිංචිකරුවන් සහ සංචාරකයින් මුදා ගැනේ

චීන කණ්ඩයම් විසින් Xizang‍හි Gyirong කෝරළයේ නායයෑමෙන් බලපෑමට ලක්ව සිටි සියලු පදිංචිකරුවන් සහ සංචාරකයින් මුදා ගැනේ

නිරිතදිග චීනයේ Xizang ස්වායත්තයේ Gyirong කෝරළයෙන් වාර්තා වූ නායයෑම් තත්ත්වයෙන් බලපෑමට ලක්ව සිටි පදිංචිකරුවන් නැවත පදිංචි කිරීමට පියවර ගෙන ඇති බව එහි ප්‍රාදේශීය බලධාරීන් පවසයි. එමෙන්ම මෙම ව්‍යසනයත් සමග එහි සිරවී සිටි සියලු සංචාරකයින් මුදා ගනිමින් ඔවුන් වෙනත් ස්ථාන වෙත යවා ඇති බව ද අදාළ බලධාරීන් දැනුම් දී තිබේ.

ඒ අනුව ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටි ගම්වාසීන් සහ ඉදිකිරීම් සේවකයින් 499 දෙනෙකු වෙත නිසි පරිදි නවාතැන් පහසුකම් සපයා ඇත. එමෙන්ම සංස්කෘතික සහ සංචාරක බලධාරීන්ගේ සම්බන්ධීකරණය යටතේ සංචාරකයින් 555 දෙනෙකු ආපදා කලාපයෙන් මුදා ගනිමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ. එබැවින් කිසිදු සංචාරකයෙකු අදාළ ආපදා කලාපයේ තවදුරටත් සිරවී නොමැති බව ප්‍රාදේශීය බලධාරීන් තහවුරු කර ඇත.

Xizang ස්වායත්තයේ Gyirong කෝරළයේ පිහිටි Gyirong වරාය ආශ්‍රිතව බදාදා(26) උදෑසන වාර්තා වූ මෙම නායයෑම් තත්ත්වයෙන් අද(28) උදෑසන 08 වන විට පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 558 දෙනෙකු අතුරුදන්ව සිටින අතර ගම්වාසීන් දෙදෙනෙකු බේරා ගෙන ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *