නායයෑමෙන් බලපෑමට පත් Xizangහි මුදාගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් චීන ජනපති ප්‍රධානත්වයෙන් රැස්වීමක්

නායයෑමෙන් බලපෑමට පත් Xizangහි මුදාගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් චීන ජනපති ප්‍රධානත්වයෙන් රැස්වීමක්

නායයෑම් ව්‍යසනයෙන් බලපෑමට ලක් වූ චීනයේ Xizang ස්වායත්තයේ Shigatse නගරයේ Gyirong කෝරළය වෙත සහනාධාර ලබා දීම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් අද(28) පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කමිටුවේ සභාපති ෂී ජින්පිං මහතා එහි මුලසුන දැරීය.

රැස්වීම ආරම්භ කරමින්, ෂී ජින්පිං මහතා ඇතුළු එහි සිටි සැවොම පළමුව, මිනිත්තු කිහිපයක නිශ්ශබ්දතාවක් පවත්වමින් මෙම ව්‍යසනයෙන් මිය ගිය පුද්ගලයින් සිහිපත් කළහ.

මෙම නායයෑමෙන් පසු, අතුරුදන්වූවන් සහ සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් කඩිනම් කිරීම සඳහා ෂී ජින්පිං මහතා වහාම අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයි එම රැස්වීමේදී සඳහන් විය. ඒ අනුව අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ද ෂී ජින්පිං මහතාගේ උපදෙස් පරිදි, අදාළ ආපදා ප්‍රදේශය වෙත වහාම පැමිණියේය. එහිදී මුදාගැනීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙමින් ඊට එක්වූ පුද්ගලයින් හා පීඩාවට ලක්වූ ජනතාවගේ සුවදුක් විමසීමට ද අග්‍රාමාත්‍යවරයා එක් විය.

එමෙන්ම, විවිධ ආයතනවලට අයත් ආපදා සහන සැලසීමේ සහ මුදාගැනීමේ කණ්ඩායම් ද මෙහිදී ආරක්ෂක අංශ සමග එක්ව විපතට පත් පිරිස් බේරා ගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය සහන කටයුතු සඳහාත් විධිමත්ව එක්වෙමින් සිටින බව මෙම රැස්වීමේදී සඳහන් කෙරිණ.

තවද, මෙම මෙහෙයුම් ක්‍රියාවලිය තුළදී, අදාළ ආයතන, ජනතාව වෙත ප්‍රමුඛත්වයක් ලබා දෙමින් කටයතු කළ යුතු බව ද මෙහිදී අවධාරණය කර තිබේ. ස්වාභාවික විද්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුකූලව මුදාගැනීමේ සැලසුම් සකස් කරමින් අතුරුදන්ව සිටින සියලු දෙස් විදෙස් ජාතිකයින් සොයා ගැනීමට හැකි උපරිමය කළ යුතු බවටත් මෙහිදී දැනුම් දී ඇත.

මීට අමතරව මෙම ව්‍යසනයෙන් පීඩාවට ලක්වූ ජනතාව වෙනුවෙන් අදාළ පුනරුත්ථාපන කටයුතු නිසි පරිදි සිදු කළ යුතු බවටත් මෙහි බලපෑමට ලක්වූ නේපාලයේ අදාළ ප්‍රදේශ වෙත හදිසි සහනාධාර ලබා දෙමින් ජාත්‍යන්තර මුදාගැනීමේ මෙහෙයුම් සහයෝගීතාව සිදු කළ යුතු බවටත් එම රැස්වීමේදී වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *