අ‌මෙරිකානු නිළි හේඩන් පැනෙටියර් වයස අවුරුදු 36දී අභාවප්‍රාප්ත වෙයි

අ‌මෙරිකානු නිළි හේඩන් පැනෙටියර් වයස අවුරුදු 36දී අභාවප්‍රාප්ත වෙයි

‘Heroes’ සහ ‘Nashville’ යන ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලා ඔස්සේ ලොව පුරා ජනප්‍රියත්වයට පත් අ‌මෙරිකානු නිළි හේඩන් පැනෙටියර් අභාවප්‍රාප්ත වෙයි.

මිය යන විට ඇගේ වයස අවුරුදු 36කි. ඇගේ අභාවය පවුලේ සාමාජිකයන් විසින් තහවුරු කර ඇත.

කුඩා වියේ සිටම රංගන ක්ෂේත්‍රයට පිවිසි පැනෙටියර්, ‘Heroes’ ටෙලි නාට්‍ය මාලාවේ ක්ලෙයාර් බෙනට් සහ ‘Nashville’ හි ජුලියට් බාන්ස් ලෙස කළ රංගනයන් හරහා ජාත්‍යන්තර කීර්තියක් හිමිකර ගත්තාය. ‘Nashville’ හි රංගනය වෙනුවෙන් ඇය ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන සඳහා දෙවරක් නිර්දේශ විය.

‘Remember the Titans’ සහ ‘Scream’ චිත්‍රපට මාලාව ඇතුළු නිර්මාණ රැසකටද ඇය දායක වී ඇති අතර, වීඩියෝ ක්‍රීඩා ක්ෂේත්‍රයේද ඇගේ හඬ රංගනය කැපී පෙනිණි. ඇගේ අවසන් රංගන දායකත්වය 2026 වසරේ නිකුත් වූ ‘Sleepwalker’ චිත්‍රපටයේ දී දක්නට ලැබිණ.

හේඩන් පැනෙටියර්ගේ පියා ඇලන් පැනෙටියර් විසින් නිකුත් කළ ප්‍රකාශයකින් ඇයගේ වියෝව තහවුරු කර ඇති අතර, පවුලේ සාමාජිකයන් මේ අවස්ථාවේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ඉල්ලා තිබේ.

ඇගේ මරණයට නිශ්චිත හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකය.

හේඩන් පැනෙටියර්ගේ අකල් වියෝව හොලිවුඩ් කලා ක්ෂේත්‍රයට මෙන්ම ලොව පුරා ඇයගේ රංගනයන් අගය කළ රසිකයින්ටද දැඩි කම්පනයකි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *