21 වැනි චීන Changchun චිත්‍රපට උලෙළ ඇරඹේ

21 වැනි චීන Changchun චිත්‍රපට උලෙළ ඇරඹේ

21 වැනි චීන Changchun චිත්‍රපට උලෙළ ඊයේ(23) ඊසානදිග චීනයේ Jilin පළාතේ Changchun නගරයේදී ආරම්භ විය. චීන මාධ්‍ය සමූහය සහ Jilin පළාත් රජය විසින් ඒකාබද්ධව එය සංවිධාන කරන ලදී. 

දින 6ක කාලයක් තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් කළ නිර්මාණ (AIGC) ප්‍රදර්ශනය, විශ්වවිද්‍යාල සිසුන්ගේ Micro චිත්‍රපට ප්‍රදර්ශනය, චිත්‍රපට නිෂ්පාදකයන්ගේ හමුව, චිත්‍රපට සංධ්වනි ප්‍රසංගය සහ  සල්පිල යන  ක්‍රියාකාරකම් රැසක් පැවැත්වේ. එමෙන්ම විවිධ තේමා යටතේ, චිත්‍රපට 500කට වැඩි ප්‍රමාණයක් උලෙළ අතරතුර තිරගත වීමට නියමිතය. අදාළ ක්‍රියාකාරකම් හරහා නව පරිභෝගික ව්‍යුහය නිර්මාණය කර නාගරික සංස්කෘතික ජීව ශක්තිය දිරිමත් කිරීම අපේක්ෂා කෙරේ.

මෙවර උලෙ‍ළේ Golden Deer සම්මානය සඳහා චිත්‍රපට 157ක් ඉදිරිපත් කර ඇති අතර විවිධ වර්ග ආවරණය වන අදාළ චිත්‍රපට මගින් චීන චිත්‍රපටවල විවිධාකාර ලෙස මතුවන නිර්මාණශීලීබව හා ජීවගුණය මනාව පෙන්නුම් කර ඇත. ‘The Volunteers:Peace at Last ’ ‘Dear You’ ඇතුළු චිත්‍රපට 16ක් මෙවර චිත්‍රපට උලෙළෙහි Golden Deer සම්මාන සඳහා වන අවසන් තරඟයට ඇතුළත්ය. සම්මාන ප්‍රදානෝත්සවය එළඹෙන 28වැනිදා පැවැත්වීමට නියමිතය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *