චීනය APEC රටවල් සමග ආනයන පුළුල් කරයි

චීනය APEC රටවල් සමග ආනයන පුළුල් කරයි

චීන රේගු පොදු දෙපාර්තමේන්තුව සත්කාරකත්වය දරන APEC සංවිධානය සමග රේගු ආශ්‍රිත ක්‍රියාකාරකම් මාලාවක් අගෝස්තු 19 වනදා සිට 24 වනදා දක්වා චීනයේ Dalian නගරයේදී පැවැත්වේ. මෙම ක්‍රියාකාරකම් තුන්වන APEC ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමේ ප්‍රධාන අංගයකි.

මෙම ක්‍රියාකාරකම් අතරතුර, චීන රේගු අංශය APEC සංවිධානයේ විවිධ රටවල ආර්ථිකයන්හි අදාළ ආයතන සමඟ කෘෂි ආහාර නිෂ්පාදන සහ රේගු මෙහෙයුම් ක්ෂේත්‍රයන්හි සහයෝගිතා ගිවිසුම් හයකට අත්සන් තැබීය. ඒ අතරින් ගිවිසුම් හතරක් නැවුම් පලතුරු සහ ජලජ නිෂ්පාදන ඇතුළු කෘෂි ආහාර නිෂ්පාදන ආනයනය කෙරෙහි අවධානය යොමු කරයි. ආනයන රේගු නිෂ්කාශනය, පරීක්ෂා කිරීම සහ නිරෝධායනය පිළිබඳ ප්‍රායෝගික විධිවිධාන වෙත යොමු වෙමින්, ආසියා-පැසිෆික් රටවල කෘෂි ආහාර නිෂ්පාදන චීන වෙළඳපොළ වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට පහසුකම් සලසා දීමට අපේක්ෂා කෙරේ.

චීනයේ ආනයන වෙළඳාමෙන් අඩකට වඩා සිදු කෙරෙන්නේ ආසියා-පැසිෆික් කලාපයෙනි. ප්‍රධාන වශයෙන් අධි තාක්‍ෂණික උපකරණ, විද්‍යුත් යාන්ත්‍රික භාණ්ඩ, බලශක්ති, ඛනිජ සම්පත් සහ උසස් තත්ත්වයේ කෘෂි ආහාර නිෂ්පාදන ඊට ඇතුළත් වේ. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *