ඉංදියාවේ කෝවි­ලක තෙර­පු­ම­කින් කාන්තාවන් 7ක් මරුට

ඉංදියාවේ කෝවි­ලක තෙර­පු­ම­කින් කාන්තාවන් 7ක් මරුට

නැඟෙ­න­හිර ඉන්දි­යාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටි කෝවි­ලක සිදුවූ අධික තෙර­පී­ම­කින් බැති­ම­තුන් 7 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මිය­ගිය සියලු බැති­ම­තුන් කාන්තා­වන් වන අතර, තවත් බැති­ම­තුන් 20කට ආසන්න පිරි­සක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

බිහාර් ප්‍රාන්තයේ ලකි­සාරේ දිස්ත්‍රි­ක්කයේ පිහිටි අශෝක් ධාම් කෝවි­ලේදී ශිව දෙවි­යන්ට පැන් පූජා කිරීමේ උත්ස­ව­යක් අත­ර­තුර එම අන­තුර සිදුවී තිබේ. පිරි­මින්ට වෙන් කර තිබූ පෝලිම ආස­න්නයේ හදි­සි­යේම කණු­වක් කඩා වැටී ඇති බවත්, එහි තිබූ දිගු කේබ­ලයේ විදු­ලිය ඇති බවට පැතිරී ගිය පුව­තින් කාන්තා පෝලිමේ සිටි බැති­ම­තුන් කළ­බ­ල­යට පත්වී දිව යෑමට උත්සාහ කිරී­මේදී මේ අධික තෙර­පුම සිදුවී ඇති බවත් මූලික පරී­ක්ෂ­ණ­යේදී හෙළි වී තිබේ.

මිනිත්තු දෙකක් වැනි කෙටි කාල­ය­කදී එම අන­තුර සිදුවී ඇති අතර, ඒ මොහොතේ බැති­ම­තුන් ආර­ක්ෂාව වෙනු­වෙන් ගිලන් රථ කැඳවා තිබූ බැවින් මිය­ගිය සහ තුවාල ලැබූ පිරිස ඒ මොහො­තේ­දීම රෝහල් කරා රැගෙන ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳ­හන් කරයි. තුවාල ලැබූ කිහි­ප­දෙ­න­කුගේ තත්ත්වය බර­ප­තළ බව රෝහල් ආරංචි මාර්ග සඳ­හන් කෙරිණ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *