චීන යුද විරෝධී චිත්‍රපට ගෝලීය සිනමා ආඛ්‍යානයට නව අර්ථ ගැන්වීමක් බව විචාරකයින් පවසයි

චීන යුද විරෝධී චිත්‍රපට ගෝලීය සිනමා ආඛ්‍යානයට නව අර්ථ ගැන්වීමක් බව විචාරකයින් පවසයි

‘Once Upon A Time in the Middle East’ යන මැයෙන් යුත් යුද විරෝධී චීන චිත්‍රපටය ඉකුත් 11 වැනිදා චීනය පුරා නිල වශයෙන් තිරගත වීම ආරම්භ විය. ගෞරවය සහ ලෙන්ගතුකම ප්‍රකට වන පරිදි නිර්මාණය කර ඇති හෙයින් මෙම චිත්‍රපටය ප්‍රේක්ෂක ආකර්ෂණයට සහ ඉහළ පැසසුමට ද ලක් ව තිබේ.

මැදපෙරදිග කලාපයේ පදිංචිය සඳහා, ඊසාන දිග චීනයෙන් පැමිණෙන අරක්කැමියෙකුගේ දෘෂ්ටිකෝණයෙන් ඔහුගේ හැඟුම් බර කතා පුවත මෙම සිනමාපටය තුළ රූගත කර ඇත. මැදපෙරදිග කලාපයේ සිදුවන ආක්‍රමණික යුද්ධයේ කුරිරු බව එහිදී මැනවින් අනාවරණය කෙරෙන අතර, ‘පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක්’ යන සංකල්පය ද එකී චිත්‍රපටය මගින් මනාව පිළිබිඹු කෙරේ.

මේ දිනවල තිරගත කෙරෙන ‘Once Upon A Time in the Middle East’ ඇතුළු චීනයේ සංකේතාත්මක චිත්‍රපට මගින් ගෝලීය සිනමා කර්මාන්ත ක්‍රමවේදය තුළ, විෂය මූලික ආඛ්‍යානයක් ඇති කිරීමට මෙන්ම ජාත්‍යන්තරය තුළ නිසි බලපෑමක් ඇති කිරීමට ද චීනය මෑත වසරවලදී සමත්ව ඇති බව විචාරක මතයයි. චීන ජාතිකයින්ගේ දැක්මට අනුව, සෑම ශිෂ්ටාචාරයකම තමන්ට අනන්‍ය වූ සුවිශේෂී ලක්ෂණ දක්නට ඇත. ඒ අනුව යමින් සෑම රටකටම සිය සංවර්ධන මාවත තෝරා ගැනීමේ අයිතිය ද ඔවුන් සතුය. ‘මානවයාගේ ශිෂ්ටාචාර විවිධත්වය’ සවිබල ගැන්වීම එවිට සිදුවනු ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *