“ආදරණීය තරුවක්” සිනමාවට පායයි

“ආදරණීය තරුවක්” සිනමාවට පායයි

ගායකයෙකු ජනප්‍රිය තරුවක් බවට පත්වන ගමනක් තුළ දිග හැරෙන ආදරය, අතීත මතක සහ අහිමිවීම් මුසු වූ කතාවක් රැගත් නවතම සිංහල සිනමා පටය ආදරණීය තරුවක් දැන් දිවයින පුරා සිනමා ශාලාවන් හි තිරගත කෙරේ. දිසාසේකර ෆිල්ම්ස් වෙතින් ඉදිරිපත් කෙරෙන පළමු සිනමා පටය වන මෙය රංගන ශිල්පි සාරංග දිසාසේකර ගේ කුළුඳුල් සිනමා පටයයි. සාරංග දිසාසේකර, ශනුද්‍රි ප්‍රියසාද්, සංගීතා වීරරත්න, සනත් ගුණතිලක, ජීවන් කුමාරතුංග, චානුක ප්‍රබුද්ධ මෙහි රංගනයෙන් දායක වන අතර සාරණ්‍යා දිසාසේකර දියණියද සුළු චරිතයකින් සිනමාවට එක්ව ඇත.

දිල්ශාන් අමරසිංහගේ ප්‍රථම සිනමා නිර්මාණයයි.  ජීවිතේ බලාපොරොත්තු වන ආදරය, ලැබීම, අහිමිවීම ආදීයෙහි සියල්ලෙහිම එකතුවක් ලෙස මෙම සිනමාපටය හැඳින්විය හැකිය.

ජීවිතේ ප්‍රාර්ථනා කරන ආදරය ආපිට ඇත්තටම ලැබේද? ගායකයෙකු ජනප්‍රිය තරුවක් බවට පත්වන ගමනක් තුළින් ආදරය, අතීත මතක, අහිමිවීම් සහ කිසිදා අමතක කළ නොහැකි අවසන් පොරොන්දුවක් එකට බැඳෙන මෙම නිර්මාණය සුන්දර සංගීතමය සිනමා අත්දැකීමක් වනු ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *