එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(1) ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ තත්ත්වය පිළිබඳව හදිසි රැස්වීමක් පැවැත්වීය.
ඊශ්‍රායලය ලෙබනනයේ සිය හමුදා මෙහෙයුම් පුළුල් කිරීම සහ ඊනියා “ආරක්ෂිත කලාපය” අඛණ්ඩව ව්‍යාප්ත කිරීම, වසර 20 කට වැඩි කාලයක් තුළ ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ සිදු කළ වඩාත්ම පුළුල් ම හමුදා මෙහෙයුම බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා එහිදී සඳහන් කළේ ය.
වත්මන් තත්ත්වය යටතේ ලෙබනන-ඊශ්‍රායල සටන් විරාම ගිවිසුමේ අර්ථයක් නොමැති වී ඇති අතර, අදාළ තත්ත්වය ඊටත් වඩා උග්‍ර වීමට පෙර ජාත්‍යන්තර ප්‍රජාව හදිසි පියවර ගත යුතු බව ද Fu Cong මහතා පැවසීය.
සටන් අවසන් කිරීමට සහ ආතතීන් සමනය කිරීමට වහාම සටන් විරාමයක් ඇති කර ගත යුතු බව චීන නියෝජිතයා ඉල්ලා සිටියේය. දේශීය තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ලෙබනනයට සහයෝගය වැඩි කළ යුතු අතර, කලාපීය ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා, එරටේ එක්සත් ජාතීන්ගේ අතුරු හමුදාව යුතුකම් ඉටු කිරීම සහතික කළ යුතු බව Fu Cong මහතා එහිදී සඳහන් කළේ ය.
