ඇමරිකාව තුළ චීන මාධ්‍යවේදීන්ගේ නීත්‍යනුකූල අයිතීන් සහතික කිරීමට ඇමරිකානු පාර්ශ්වය ක්‍රියා කළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එහි ප්‍රකාශිකා Mao Ning මහත්මිය (03) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.
ඇමරිකානු මාධ්‍යවේදීන් සම්මුඛ සාකච්ඡා සහ වාර්තා කිරීම් සඳහා චීනයට පැමිණීමේදී ඔවුන් වෙත අවශ්‍ය වීසා සහ අනෙකුත් පහසුකම් සැපයීමට චීනය නිසි පියවර ගත්ත ද, ඇමරිකාවේ සිටින චීන මාධ්‍යවේදීන්ගේ සාමාන්‍ය සම්මුඛ සාකච්ඡා අයිතිවාසිකම් දැඩි ලෙස සීමා කර ඇති බව ඇය කියා සිටියාය.
එබැවින් චීන-ඇමරිකානු දෙපාර්ශ්වයම එළඹුණු එකඟතාවය ක්‍රියාත්මක කොට චීන මාධ්‍යවේදීන්ට ඇමරිකාව තුළ විධිමත් ලෙස සිය රාජකාරි සිදු කිරීම සඳහා අවශ්‍ය නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇමරිකාව ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගත යුතු බව ද Mao Ning මහත්මිය අවධාරණය කළාය.
