ණය කළ­ම­නා­ක­රණ කාර්යා­ලයේ ධාරි­තාව වැඩි කරන ලෙස IMF

ණය කළ­ම­නා­ක­රණ කාර්යා­ලයේ ධාරි­තාව වැඩි කරන ලෙස IMF

අවධාරණය කරයි

රී ලංකා මහ බැංකු­වෙන් ඉවත් කොට මුදල් අමා­ත්‍යාං­ශ­යට පැවරූ රාජ්‍ය ණය කළ­ම­නා­ක­රණ කාර්යා­ලයේ ධාරි­තාව වැඩි කළ යුතුව ඇතැයි ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල අව­ධා­ර­ණය කරයි. බදු පද­නම පුළුල් කිරීම, බදු අනු­කූ­ල­තාව වැඩි­දි­යුණු කිරීම සහ රාජ්‍ය ව්‍යව­සාය ප්‍රති­සං­ස්ක­ර­ණය වේග­වත් කිරීම අත්‍ය­වශ්‍ය බව දූත මණ්ඩ­ලය පෙන්වා දෙයි. එවන් පපාජෝ(ර්)ජිජෝ මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් යුත් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ දූත කණ්ඩා­ය­මක් ඉකුත් මස 24 වැනි දින සිට 30 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචා­ර­යක නිරත වූ අතර ඉන් අන­තු­රුව මහ බැංකු මූල­ස්ථා­නයේ 30 වැනිදා පැවති මාධ්‍ය හමු­වට එක්වෙ­මින් ඒ මහතා මේ බව කියා සිටි­යේය.

පසු­ගිය දින­වල පැවති ලෝක ආර්ථික අර්බු­දය හමුවේ ශ්‍රී ලංකා බල­ධා­රීන් ගත් කඩි­නම් පිය­වර ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ඇග­යී­මට ලක්ක­රන බව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ දූත කණ්ඩා­යමේ නායක එවන් පපාජෝ(ර්)ජිජෝ මහතා පව­සයි. මෙම සංචා­රයේ මූලික අර­මුණ වූයේ මෙරට මෑත කාලීන සාර්ව ආර්ථික වර්ධ­න­යන් ඇග­යීම හා විස්තීර්ණ ණය පහ­සු­කම (EFF) යටතේ ක්‍රියා­ත්මක වන ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ වැඩ­ස­ට­හනේ ප්‍රග­තිය පිළි­බ­ඳව සාකච්ඡා කිරී­මයි.

මැද­පෙ­ර­දිග කලා­පයේ පව­තින යුද­මය වාතා­ව­ර­ණය හේතු­වෙන් මෙරට ආර්ථි­ක­යට සැල­කිය යුතු බල­පෑ­මක් එල්ල වී ඇති බව දූත මණ්ඩ­ලය පෙන්වා දෙයි. විශේ­ෂ­යෙන්ම බල­ශක්ති මිල ඉහළ යෑම හේතු­වෙන් 2026 පෙබ­ර­වාරි මාස­යේදී 1.6%ක්ව පැවති මතු­පිට උද්ධ­ම­නය 2026 මැයි මාසය වන විට 5.5% දක්වා ඉහළ ගොස් ඇත. මීට අම­ත­රව සංචා­රක පැමි­ණීම් මන්ද­ගාමී වීම සහ ජාත්‍ය­න්තර සංචිත එක්රැස් කිරීමේ වේගය අඩු­වීම ද මෙම කාලය තුළ දක්නට ලැබුණු විශේ­ෂිත ලක්ෂණ වේ.

මෙම ආර්ථික කම්පන හමුවේ ශ්‍රී ලංකා බල­ධා­රීන් ගත් කඩි­නම් පිය­වර ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ඇග­යී­මට ලක් විය. ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රති­පත්ති පොලී අනු­පා­තික පද­නම් අංක 100කින් ඉහළ දැමී­මට කට­යුතු කළ අතර, රජය විසින් ඉන්ධන, විදු­ලිය සහ පොහොර සහ­නා­ධාර මෙන්ම අව­දා­න­මට ලක්විය හැකි පවුල් සඳහා මුදල් ආධාර ඇතු­ළත් තාව­කා­ලික සහන පැකේ­ජ­යක් අය-වැය මඟින් හඳුන්වා දී තිබේ.

සාර්ව ආර්ථික ස්ථාව­ර­ත්වය තහ­වුරු කිරීම සඳහා 2027 වස­රේදී දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් 2.3%ක ප්‍රාථ­මික ශේෂ ඉල­ක්ක­යක් වෙත ළඟා වීමට රජය කැපවී සිටින බව සඳ­හන් වේ. මේ සඳහා බදු පද­නම පුළුල් කිරීම, බදු අනු­කූ­ල­තාව වැඩි­දි­යුණු කිරීම සහ රාජ්‍ය ව්‍යව­සාය ප්‍රති­සං­ස්ක­ර­ණය වේග­වත් කිරීම අත්‍ය­වශ්‍ය බව දූත මණ්ඩ­ලය අව­ධා­ර­ණය කරයි. එසේම පිරි­වැය ආව­ර­ණය වන පරිදි බල­ශක්ති මිල පවත්වා ගැනීම රාජ්‍ය මූල්‍ය අව­දා­නම් අවම කිරී­මට හේතු වනු ඇත.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­රණ ක්‍රියා­ව­ලිය මේ වන විට එහි අව­සන් අදි­ය­රට ළඟා වෙමින් පව­තින බව වාර්තාව පෙන්වා දෙයි. ජාත්‍ය­න්තර ප්‍රාග්ධන වෙළෙ­ඳ­පොළ වෙත නැවත ප්‍රවේශ වීමට සහය වීම සඳහා රාජ්‍ය ණය කළ­ම­නා­ක­රණ කාර්යා­ලයේ ධාරි­තාව ඉහළ නැංවිය යුතු බව ද මෙහිදී යෝජනා විය.

මෙම සංචා­රය අත­ර­තුර දූත කණ්ඩා­යම ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක, අග්‍රා­මාත්‍ය ආචාර්ය හරිනි අම­ර­සූ­රිය, මහ බැංකු අධි­පති ආචාර්ය පී. නන්ද­ලාල් වීර­සිංහ සහ භාණ්ඩා­ගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරි­ය­ප්පෙ­රුම මහත්ම මහ­ත්මීන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නිල­ධා­රීන් සමඟ සාකච්ඡා පවත්වා ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩ­ස­ට­හනේ හත් වැනි සමා­ලෝ­ච­නය 2026 සැප්තැ­ම්බර් සහ නොවැ­ම්බර් අතර කාල­යේදී පැවැ­ත්වී­මට නිය­මිත දූත කණ්ඩා­යම් සංචා­ර­යේදී නිල වශ­යෙන් සිදු කිරී­මට නිය­මි­තය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *