රට පුරා සිනමා ශාලා ඉදිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවේ

රට පුරා සිනමා ශාලා ඉදිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවේ

දේශීය සිනමා කර්මා­න්තය නඟා­සි­ටු­වීම හා ප්‍රේක්ෂ­ක­යන් වර්ධ­නය කර­ගැ­නීම උදෙසා රට පුරා නව ප්‍රාදේ­ශීය සිනමා ශාලා ඉදි­කි­රීමේ දැවැන්ත වැඩ­පි­ළි­වෙ­ළක් ජාතික චිත්‍ර­පට සංස්ථාව මඟින් ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කරයි.

වත්මන් රජයේ “පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක්” ජාතික ප්‍රති­ප­ත්ති­යට සම­ගා­මීව මේ වැඩ­ස­ට­හන ආරම්භ කෙරේ.

දේශීය සිනමා කර්මා­න්තය නව මඟ­කට යොමු­ක­ර­මින් සහ ප්‍රේක්ෂ­ක­යන්ට උසස් සිනමා අත්දැ­කී­මක් සමීප කර­වීමේ ද අර­මුණ ඇතිව මෙය ක්‍රියා­ත්මක කිරී­මට නිය­මි­තය.

පෞද්ග­ලික අංශයේ ව්‍යාපා­රික ප්‍රජා­වගේ දාය­ක­ත්ව­යෙන් ක්‍රියා­ත්මක කෙරෙන මෙම සිනමා ව්‍යාපෘ­තිය පිළි­බඳ මූලික සාක­ච්ඡාව ජාතික චිත්‍ර­පට සංස්ථාවේ සභා­පති සුදත් මහ­දි­වු­ල්වැව මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා එම සංස්ථා පරි­ශ්‍ර­යේදී පැවැ­ත්විණ.

මෙම ව්‍යාපෘ­තිය යටතේ ඉදි­කි­රී­මට නිය­මිත සිය­ලුම සිනමා ශාලා අති­න­වීන ඩිජි­ටල් තාක්ෂ­ණ­යෙන් (High-Tech) සම­න්විත වන අතර, ප්‍රේක්ෂ­ක­යන්ට උප­රිම සුව­ප­හ­සුව සැල­සෙන පරිදි ආසන 50ත් 100ත් අතර ධාරි­තා­ව­කින් යුක්තව නිර්මා­ණය කිරී­මට සැල­සුම් කර තිබේ.

නව සිනමා ශාලා ඉදි­කි­රීම සහ පව­තින සිනමා ශාලා නවී­ක­ර­ණය කිරීම සඳහා ව්‍යාපා­රික කණ්ඩා­යම් කිහි­ප­යක්ම මේ වන විටත් චිත්‍ර­පට සංස්ථාව සමඟ එක­ඟ­තා­ව­ලට පැමිණ ඇත.

ඒ අනුව, නව සිනමා ශාලා ඉදි­ක­රන ප්‍රදේශ වන්නේ ගෝන­විල, පන්නල, පිට­කෝට්ටේ, නාර­ම්මල සහ නිට්ට­ඹුවය.

සිනමා ශාලා නවී­ක­ර­ණය කෙරෙන ප්‍රදේශ වන්නේ හැටන්, මොන­රා­ගල, ඇඹි­ලි­පි­ටිය සහ නුගේ­ගොඩ ප්‍රදේ­ශ­ව­ලය. මෙහිදී පව­තින සිනමා ශාලා නව තාක්ෂ­ණය යොදා­ග­නි­මින් සම්පූ­ර්ණ­යෙන්ම උත්ශ්‍රේ­ණි­ගත කිරී­මට නිය­මි­තය.

මීට අම­ත­රව තවත් ප්‍රාදේ­ශීය නගර රැසක නව සිනමා ශාලා ඉදි­කි­රීම සඳහා ඉදි­රි­යේදී ආයෝ­ජ­ක­යන් සම්බන්ධ කර ගැනී­මට සූදානමින් සිටී.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *