WhatsApp පහසුකම් අලුත් වෙයි

WhatsApp පහසුකම් අලුත් වෙයි

WhatsApp සමාජ මාධ්‍ය නව වෙනස්කම්න් හුන්වා දීමට සැලසුම් කරය. තමාගේ දුරකථන අංකය වෙනත් අයට නොපෙනෙන ලෙස, පරිශීලක නාමයක් (Username) පමණක් භාවිත කරමින් අන් අය සමඟ සම්බන්ධ වීමේ හැකියාව හඳුන්වාදීමට නියමිතය.

ඒ අනුව ලොව පුරා සිටින බිලියන 3ක පරිශීලකයන් වෙත ඉදිරි මාස කිහිපය තුළ ලබා දීමට නියමිත අතර මෙය අනිවාර්යය නොවන අතර කැමති අයට පමණක් තමන්ට අවශ්‍ය පරිශීලක නාමයක් (Username) වෙන් කරවා ගත හැකිය.

මේ අතර, තමන් තෝරාගත් පරිශීලක නාමය ඕනෑම වේලාවක ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලැබේ.

ඒ අනුව පරිශීලක නාමයක් සඳහා භාවිත කළ හැක්කේ උපරිම අකුරු/සංකේත 35ක් පමණක් වන අතර ඒ ප්‍රසිද්ධ දේශපාලනඥයන් හෝ ප්‍රසිද්ධ චරිතවල නම් වෙනත් අයට ව්‍යාජ ලෙස භාවිත කිරීමට නොහැක.

WhatsApp ගිණුමක් ආරම්භ කිරීමට තවදුරටත් දුරකථන අංකයක් අනිවාර්ය වන නමුත්, Username විශේෂාංගය ක්‍රියාත්මක වූ පසු අන් අයට ඔබේ දුරකථන අංකය දැකගත නොහැක.

මෙම නව පහසුකම නිසා විශේෂයෙන්ම Group Chatවල සිටින නොදන්නා පුද්ගලයන් සමඟ තමන්ගේ පෞද්ගලික දුරකථන අංකය බෙදා ගැනීමට අකමැති අයට වැඩි පෞද්ගලිකත්ව ආරක්ෂාවක් ලැබෙනු ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *