“Huangyan දූපතේ ජාතික ස්වභාව රක්ෂිත ප්‍රදේශය සඳහා පරිපාලන පියවර” නිකුත් කෙරේ.
චීනයේ ස්වභාවික සම්පත් අමාත්‍යාංශය, වන හා තෘණ බිම් පරිපාලනය, චීන වෙරළාරක්ෂක බලකාය සහ Hainan පළාතේ රජය අද (1) එම පියවර ඒකාබද්ධව පළ කළේය.
එම පියවරයන්ට අනුව, එම ප්‍රදේශය දැඩි ආරක්ෂාවකට යටත් වේ. අනුමැතියකින් තොරව, මසුන් ඇල්ලීම, පතල් කැණීම, කොරල්, කොරල්පර ඇතුළු දුර්ලභ සාගර විශේෂ සහ ස්වාභාවික පරිසර පද්ධතියට හානි කරන ක්‍රියාකාරකම්වල යෙදීම තහනම් වේ. අදාළ විධිවිධාන උල්ලංඝනය කිරීම නීතිමය වගකීමකට යටත් වන බව එහි සඳහන් කෙරේ.
