චීන මාධ්‍ය සමූහයේ CGTN ජාලය විසින් නිෂ්පාදනය කරන ලද ‘Diaoyu Dao: Small Islands, Big Stakes’ නමැති වාර්තා චිත්‍රපටයේ ගෝලීය විකාශය පසුගියදා(27) ආරම්භ විය. Diaoyu Dao දූපත් සහ එහි අනුබද්ධ දූපත් සම්බන්ධයෙන් චීනය සහ ජපානය අතර ස්වෛරීභාවය පිළිබඳ ආරවුල කෙරෙහි අවධානය යොමු කරමින් නිර්මාණය කළ මෙම වාර්තා චිත්‍රපටය චීනය, ජපානය, ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය යන රටවල රූගත කර තිබේ. දේශපාලනය, ඉතිහාසය සහ නීතිය පිළිබඳ චීන සහ ජාත්‍යන්තර විශේෂඥයින් තිස් දෙනෙකුට වැඩි පිරිසක් මෙන්ම අදාළ ඓතිහාසික සිදුවීම් සියැසින් දුටු ප්‍රධාන සාක්ෂිකරුවන් ද ඊට සම්බන්ධ වී සිටී. ඓතිහාසික කරුණු සහ නීතිමය මූලධර්ම මත එහි ආඛ්‍යානය පදනම් කර ගැනීමෙන් සහ විවිධ දෘෂ්ටිකෝණයන් සමඟ වාර්තාමය දර්ශන භාවිත කිරීමෙන් එම වාර්තා චිත්‍රපටය චීනයේ Diaoyu Dao දූපත් පිළිබඳ පැහැදිලි, බහු-මාන සහ අව්‍යාජ නිරූපණයක් ඉදිරිපත් කරයි.
නැඟී එන ජපානයේ “නව මිලිටරිවාදය” සහ ජපානයේ දක්ෂිණාංශික බලවේගය පුළුල් වන අවස්ථාවක, ඉතිහාසය දෙස නැවත බැලීම සහ සත්‍යය පැහැදිලි කිරීම සඳහා මෙවන් වාර්තා චිත්‍රපටයක් එළිදැක්වීමට පියවර ගැණින.
