ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2026 ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර ඊයේ(29) රාත්‍රියේ විථි සංචාරය කෙරිණ. පෙරහර නැරඹීමට එක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවට ද එක් විය.
අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ රටේ සියලු ජන කොටස්වලට අයත් ජනතාව එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව මෙන්ම ජාතික සමගිය පිළිබිඹු කෙරෙන අවස්ථාවක් බවයි.
ඕනෑම රටක සංවර්ධනයේ දී ඒ රට සහ සමාජය ගොඩනැගුණු ඓතිහාසික සංස්කෘතිකමය පදනම වැදගත් බවත්, ලෝකය කෙතරම් පරිවර්තන ඇති කරගත්ත ද අප ඉදිරියට යා යුතු වන්නේ රටේ ඓතිහාසික පවුරු පදනම් ආරක්ෂා කර ගනිමින් බවත් හෙතෙම පැවසීය. එම ඓතිහාසික සංස්කෘතික උරුමය සහ මාතෘභූමිය සමග ජනතාවගේ ඓන්ද්‍රීය සබඳතාව පෙන්නුම් කරන ඉතාමත් වැදගත් අවස්ථාවක් ලෙස මෙම ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය හඳුන්වා දිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
