චීනය Long March-6A වාහක රොකට්ටුව මගින් සන්නිවේදන තාක්ෂණ පරීක්ෂණ චන්ද්‍රිකා අංක 27-A/B චන්ද්‍රිකා දෙක අභ්‍යවකාශගත කර ඇත. බෙයිජිං වේලාවෙන් අද (30) පෙරවරු 09:00ට මෙම රොකට්ටුව අභ්‍යවකාශගත කෙරුණේ, උතුරු චීනයේ Shanxi පළාතේ Taiyuan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙනි.
මෙම රොකට්ටුව සමඟ අභ්‍යවකාශය වෙත රැගෙන ගිය එම චන්ද්‍රිකා දෙක සාර්ථක ව සැලසුම් කළ පරිදි කක්ෂගතව ඇති බව දැනුම් දී තිබේ. චන්ද්‍රිකා සන්නිවේදන, ගුවන්විදුලි හා රූපවාහිනී විකාශන, දත්ත සම්ප්‍රේෂණ යනාදි කටයුතු සඳහා මෙම චන්ද්‍රිකා දෙක යොදවන අතර, අදාළ තාක්ෂණික පරීක්ෂණ සිදු කිරීමට ද අපේක්ෂා කෙරේ.
මෙය Long March වාහක රොකට් මාලාවේ 660 වන පියාසැරි මෙහෙයුම සනිටුහන් කළේය.
