පස්වන වරටත් පොලී අනුපාතිකය ස්ථාවරව තබා ගැනීමට ඇමරිකානු ෆෙඩරල් සංචිතයෙන් තීරණයක්

පස්වන වරටත් පොලී අනුපාතිකය ස්ථාවරව තබා ගැනීමට ඇමරිකානු ෆෙඩරල් සංචිතයෙන් තීරණයක්

ඇමරිකානු ෆෙඩරල් සංචිතය ඊයේ(29) පස්වන වරටත් පොලී අනුපාතිකය සියයට 3.5ත් සියයට 3.75ත් අතර ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට තීරණය කර තිබේ. 

මෙවර පොලී අනුපාතිකය නොවෙනස්ව තැබීමෙන් ෆෙඩරල් සංචිතය කිසිදු වෙනසක් නොකර ආර්ථිකය නිරීක්ෂණය කරමින් සිටින බව පැහැදිලිය. එමෙන්ම ඉදිරි මාසවලදී පොලී අනුපාතිකය ඉහළ යා හැකි බවට වන වෙළඳපළ අපේක්ෂාවන් ද මෙමගින් පෙන්නුම් කරන බව පස්වන මුදල් ප්‍රතිපත්ති රැස්වීම සඳහන් කර සිටී. 

‍එම කාලය තුළ ඛනිජ තෙල් මිල පහත වැටීම හේතුවෙන් එරට පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික වර්ධන වේගය මැයි මාසයේ සියයට 4.2 සිට ජූනි මාසයේ සියයට 3.5 දක්වා පහත වැටී තිබේ. කෙසේවෙතත්, ෆෙඩරල් සංචිතයේ සියයට 2ක උද්ධමන ඉලක්කය හා සසඳන විට ඇමරිකාව මේ වනවිටත් ඉහළ උද්ධමන පීඩනයකට මුහුණ දෙමින් සිටින බව පෙන්නුම් කරයි. 

මෙම රැස්වීමේදී ෆෙඩරල් විවෘත වෙළඳපොළ කමිටුවේ සාමාජිකයින් නව දෙනෙකු පොලී අනුපාතිකය ස්ථාවරව තබා ගැනීමට සිය කැමැත්ත පළ කර ඇති අතර තවත් සාමාජිකයින් තිදෙනෙක් පදනම් අංක 25කින් පොලී අනුපාතික ඉහළ නංවන ලෙස ඉල්ලා සිටියහ. 2016 වසරෙන් පසු ෆෙඩරල් සංචිත ප්‍රතිපත්ති තීරණයකට විරුද්ධව ඡන්ද තුනක් ප්‍රකාශ වූ පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *