චීනයේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව කැපීපෙනෙන ලෙස ඉහළට

චීනයේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව කැපීපෙනෙන ලෙස ඉහළට

චීන ජාතික බලශක්ති පරිපාලනයට අනුව, වසරේ මුල් භාගයේදී චීනයේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන අතර, එහි විදුලි උත්පාදන ධාරිතාවය පළමු වරට සමස්ත විදුලි උත්පාදනයෙන් සියයට 40 ඉක්මවා ගියේය.

ඒ අනුව මෙම වසරේ මුල් භාගයේදී, චීනයේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කිලෝවොට් පැය ට්‍රිලියන 2කට ආසන්න වී අතර, එය පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 9ක පමණ වැඩිවීමකි. එසේම මෙය චීනය පුරා සමස්ත විදුලි උත්පාදනයෙන් සියයට 41.2ක් වූ අතර, එය සියයට 40 ඉක්මවූ පළමු අවස්ථාවයි. මේ අතරින් සුළං සහ සූර්ය බලශක්ති උත්පාදනය කිලෝවොට් පැය ට්‍රිලියන 1.25ක් වූ අතර එහි වාර්ෂික වර්ධනය සියයට 9.3කි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *