දකුණු ආසියාවේ දිගම වාරි උමග අද ජනතා අයිතියට

දකුණු ආසියාවේ දිගම වාරි උමග අද ජනතා අයිතියට

දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැණීම් කටයුතු සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකාවේ වාරි ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අද(15) සනිටුහන් කෙරේ.

මෙලෙස ජනතා අයිතියට පත් වන්නේ දශක හයකට ආසන්න කාලයක් තිස්සේ සැලසුම් කළ මහවැලි මහ සැලැස්මේ ප්‍රධානතම අදියරක් වන උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතියේ කිලෝමීටර් 27.7ක් දිග යෝධ වාරි උමගය.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදිකෙරෙන මෙම උමග දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමග ලෙස සැලකේ.

කිලෝමීටර් 240කට ආසන්න දිගකින් යුත් උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතිය මගින් මහා වාරි පද්ධති 12ක් සහ එල්ලංගා පද්ධති 130කට අයත් වැව් 1,505ක් පෝෂණය කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතියෙන් පවුල් 25,000කට සෘජු ප්‍රතිලාභ හිමිවන අතර, හෙක්ටයාර 74,000ක වගාබිම් යල සහ මහ කන්න දෙකේම අස්වැද්දීම සඳහා ජලය සැපයීමට හැකි වේ.

රජරට ප්‍රදේශයේ ජනතාව දශක ගණනාවක් තිස්සේ මුහුණ දෙන හඳුනා නොගත් වකුගඩු රෝගය අවම කිරීම සඳහා පිරිසිදු පානීය ජලය සැපයීම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *