“ෂී ජින්පිං මහතාගේ නායකත්වය යටතේ චීන පාලනතන්ත්‍රය” නමැති ග්‍රන්ථයේ 01 වන වෙළුමේ චීන සාම්ප්‍රදායික අක්ෂර සහිත සංස්කරණය එළිදැක්වේ. ඊයේ(15) 36 වන හොංකොං පොත් ප්‍රදර්ශනයේ ආරම්භක දිනයේ එම ග්‍රන්ථය දොරට වැඩීම සිදුකෙරිණ.
ග්‍රන්ථයේ පළමු වෙළුමට, ෂින්හුවාහි වාර්තා 26ක් සහ ෂී ජින්පිං මහතාගේ ඡායාරූප 41ක් ඇතුළත් වේ. චීනය ජාතික පුනර්ජීවනය කරා මෙහෙයවීමේදී ෂී ජින්පිං මහතාගේ දූරදර්ශී නායකත්වය මෙන්ම නව යුගයේදී චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ඔහුගේ චීන්තනයේ ශක්තිය සහ එහි ප්‍රායෝගික බලය ඇතුළත් විචිත්‍රවත් සටහන්වලින් එම ග්‍රන්ථය සමන්විතය
හොංකොං විශේෂ පරිපාලන කලාප රජයේ ප්‍රධානීන්, දේශප්‍රේමී ආතයනවල, සමාජ ප්‍රජාවල මෙන්ම, දේශපාලන, ආර්ථික, අධ්‍යාපන, සංස්කෘතික ක්ෂේත්‍රයන්හි නියෝජිතයෝ ඇතුළු පිරිසක් එම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට සහභාගී වූහ.
