නිව්යෝර්ක් කුලුන මුදුනේ විවාහ ගිවි­ස­ගත් රුසි­යානු යුවළ අත්අ­ඩං­ගු­වට

නිව්යෝර්ක් කුලුන මුදුනේ විවාහ ගිවි­ස­ගත් රුසි­යානු යුවළ අත්අ­ඩං­ගු­වට

අමෙ­රි­කාවේ නිව්යෝර්ක් නුවර සුප්‍ර­කට එම්ප­යර් ස්ටේට් උස් ගොඩ­නැ­ඟිල්ලේ කුලුන මුදු­නට නැඟ ලෝක සාමය ඉල්ලා දැවැන්ත බැන­ර­යක් ප්‍රද­ර්ශ­නය කර­මින් සහ විවාහ ගිවිස ගැනීමේ යෝජ­නා­වක් සිදු කළ රුසි­යානු ජාතික යුව­ළක් නිව්යෝර්ක් පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනා­ර­ක්ෂිත සහ අන­තු­රු­දා­යක ලෙස උස් ගොඩ­නැ­ඟිලි තර­ණය කිරි­මෙන් සමාජ මාධ්‍ය­ජාලා අතර ප්‍රකට වී සිටින අයි­වන් බීර්කස් සහ ඇන්ජෙලා නිකො­ලාව් නමැති මේ යුවළ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ එම ගොඩ­නැ­ඟි­ල්ලට අව­ස­ර­ය­කින් තොරව ඇතු­ළු­වීම, ජීවිත අන­තුරේ හෙළීම ඇතුළු චෝදනා කිහි­ප­යක් සම්බ­න්ධ­යෙන් බව ද වාර්තා වේ. කළු­පැ­හැති ඇඳු­මෙන් සැරසී මුව ආව­රණ සහි­තව සිටි මේ යුවළ මහල් 102කින් සම­න්විත එම ගොඩ­නැ­ඟිල්ලේ මුදු­නෙහි සවි­කර තිබූ ඇන්ටෙනා කුලු­නට නැඟ බල­යට ඇති ප්‍රේමය පර­දවා ප්‍රේමයේ බලය ජය­ගන්නා විට ලොවට සාමය උදා­වනු ඇතැයි සඳ­හන් දැවැන්ත බැන­ර­යක් ප්‍රද­ර්ශන කර ඇති අතර, පසුව අයි­වන් බීර්කස් සිය පෙම්ව­ති­යට මුදු­වක් පිරි­න­ම­මින් විවාහ ගිවිස ගැනීමේ යෝජ­නාව සිදු­කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. අඩි 1,454ක් උසැති මේ ගොඩ­නැ­ඟිල්ලේ මුදුනේ සිට රුසි­යානු යුවළ සිදු­කළ එම ක්‍රියාව නිරී­ක්ෂ­ණය කිරී­මෙන් පසු එම්ප­යර් ස්ටේට් ගොඩ­නැ­ඟිල්ල වෙත පැමිණි නිව්යෝර්ක් පොලී­සියේ නිල­ධා­රින් එම ස්ථාන­යේ­දීම ඔවුන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *