චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ ඇමති වං යී මහතා ඩෙන්මාර්ක විදේශ ඇමති Lars Løkke Rasmussen මහතා සමග ඊයේ(2) කෝපන්හේගන් නගරයේදී සාකච්ඡාවක් පැවැත්වීය.
චීනය ඩෙන්මාර්කයේ ආසියාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන අතර, වසර ගණනාවක් පුරා දෙරට ආර්ථික හා වෙළඳ සහයෝගීතාවයෙන් ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව වං යී මහතා එහිදී පැවසීය. ඩෙන්මාර්කය සමග වෙළඳ හා ආයෝජන සහයෝගිතා අඛණ්ඩව පුළුල් කිරීමට ද චීනය කැමැත්තෙන් සිටී. ඩෙන්මාර්කයේ ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනය සහාය දෙයි. යුරෝපා සංගම්-චීන සබඳතාවල සුරක්ෂිත සහ ස්ථාවර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඩෙන්මාර්කය ඵලදායී කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද චීන විදේශ ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
චීන මහජන සමූහාණ්ඩුව පිළිගත් පළමු බටහිර රටවලින් එකක් වන ඩෙන්මාර්කය සැමවිටම එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරන බව Lars Løkke Rasmussen මහතා සඳහන් කළේය. චීනය සමග සියලු මට්ටම්වල හුවමාරු පවත්වා ගනිමින්, ආර්ථික හා වෙළඳ, සංස්කෘතික, සෞඛ්‍ය සහ අධ්‍යාපන වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට ඩෙන්මාර්කය බලාපොරොත්තු වේ. ගෝලීය විවිධ අභියෝගයන්ට මුහුණ දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර වේදිකා හරහා චීනය සමග හුවමාරු හා සම්බන්ධීකරණ ශක්තිමත් කිරීමට ඩෙන්මාර්කය සූදානමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
