අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සුප්‍රකට එම්පයර් ස්ටේට් උස් ගොඩනැඟිල්ලේ කුලුන මුදුනට නැඟ ලෝක සාමය ඉල්ලා දැවැන්ත බැනරයක් ප්‍රදර්ශනය කරමින් සහ විවාහ ගිවිස ගැනීමේ යෝජනාවක් සිදු කළ රුසියානු ජාතික යුවළක් නිව්යෝර්ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනාරක්ෂිත සහ අනතුරුදායක ලෙස උස් ගොඩනැඟිලි තරණය කිරිමෙන් සමාජ මාධ්‍යජාලා අතර ප්‍රකට වී සිටින අයිවන් බීර්කස් සහ ඇන්ජෙලා නිකොලාව් නමැති මේ යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ගොඩනැඟිල්ලට අවසරයකින් තොරව ඇතුළුවීම, ජීවිත අනතුරේ හෙළීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් බව ද වාර්තා වේ. කළුපැහැති ඇඳුමෙන් සැරසී මුව ආවරණ සහිතව සිටි මේ යුවළ මහල් 102කින් සමන්විත එම ගොඩනැඟිල්ලේ මුදුනෙහි සවිකර තිබූ ඇන්ටෙනා කුලුනට නැඟ බලයට ඇති ප්‍රේමය පරදවා ප්‍රේමයේ බලය ජයගන්නා විට ලොවට සාමය උදාවනු ඇතැයි සඳහන් දැවැන්ත බැනරයක් ප්‍රදර්ශන කර ඇති අතර, පසුව අයිවන් බීර්කස් සිය පෙම්වතියට මුදුවක් පිරිනමමින් විවාහ ගිවිස ගැනීමේ යෝජනාව සිදුකර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. අඩි 1,454ක් උසැති මේ ගොඩනැඟිල්ලේ මුදුනේ සිට රුසියානු යුවළ සිදුකළ එම ක්‍රියාව නිරීක්ෂණය කිරීමෙන් පසු එම්පයර් ස්ටේට් ගොඩනැඟිල්ල වෙත පැමිණි නිව්යෝර්ක් පොලීසියේ නිලධාරින් එම ස්ථානයේදීම ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
- July 3, 2026
0
28
Less than a minute
You can share this post!
administrator
