2030 වන විට වඩාත් ඔරොත්තු දිය හැකි පරිසර පද්ධති නිර්මාණය සඳහා පාරිසරික ආරක්ෂාව ශක්තිමත් කිරීමට වීනය සූදානම්

2030 වන විට වඩාත් ඔරොත්තු දිය හැකි පරිසර පද්ධති නිර්මාණය සඳහා පාරිසරික ආරක්ෂාව ශක්තිමත් කිරීමට වීනය සූදානම්

2026-2030 දක්වා කාලසීමාව තුළ පරිසර සංරක්ෂණය ශක්තිමත් කිරීම සඳහා ගන්නා උත්සාහයන් ඉහළ දැමීමට චීනය සූදානම් වෙයි. රට තුළ හරිත නවීකරණය අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අරමුණින් මෙම පියවර ගන්නා බව පසුගියදා නිකුත් කරන ලද චීනයේ නවතම සංවර්ධන සැලැස්මක සඳහන්ව ඇත. අදාළ සැලැස්ම නිකුත් කර ඇත්තේ, පරිසර හා පාරිසරික අමාත්‍යාංශය, ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය සහ තවත් දෙපාර්තමේන්තු කිහිපයක් ඒකාබද්ධවයි.

පරිසර පද්ධතිවල ගුණාත්මකභාවය ස්ථාවරව වැඩි දියුණු කිරීම, ඒවායේ විවිධත්වය, ස්ථාවරත්වය මෙන්ම ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සහ රට තුළ පාරිසරික ආරක්ෂාව වඩාත් සුරක්ෂිත කිරීම මෙම සැලැස්ම හරහා අරමුණු කර ඇත. මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත කාලසීමාව සඳහා විශේෂ ඉලක්ක නියම කිරීමට ද මෙහිදී පියවර ගෙන ඇති අතර, ආරක්ෂිත ප්‍රදේශ තුළින් ආවරණය වන භූමි ප්‍රමා‍ණය රටෙහි සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් 18%කට නොඅඩු මට්ටමක පවත්වා ගැනීමත්, පාරිසරික ගුණාත්මක දර්ශකය 86.5ක අගයක් දක්වා ඉහළ නැංවීමත් ඒ අතර වේ. තවද, පාංශු සහ ජල සංරක්ෂණ අනුපාතය 74%ට වඩා ඉහළ දැමීමටත්, වනාන්තර ආවරණ අනුපාතය 25.8% දක්වා ගෙන ඒමටත් මෙම සැලැස්ම හරහා අපේක්ෂා කෙරේ.

රට තුළ පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව පියවර ගනිමින් සිටින චීනය, එහි තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස අගෝස්තු මස 15 වැනි දින සිට ක්‍රියාත්මක වීමට නියමිත නවතම පාරිසරික නීති සංග්‍රහය හරහා හරිත සහ තිරසර සංවර්ධනයක් වෙනුවෙන් අවශ්‍ය තවත් ශක්තිමත් නීතිමය බලයක් ලබා දී තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *