එකම චීනය මූලධර්මය පිළිපදින ලෙස චීනය පැසිෆික් දූපත් සංසදයෙන් ඉල්ලයි

එකම චීනය මූලධර්මය පිළිපදින ලෙස චීනය පැසිෆික් දූපත් සංසදයෙන් ඉල්ලයි

එකම චීනය මූලධර්මය පිළිපදින ලෙස චීනය පැසිෆික් දූපත් සංසදයේ ලේකම් කාර්යාලයෙන් ඉල්ලයි. එළඹෙන 30වැනි දා සිට සැප්තැම්බර් මස 4වැනි දා දක්වා පලාවුහි පැවැත්වෙන පැසිෆික් දූපත් සංසදයේ නායක සමුළුව සඳහා චීන තායිවාන ප්‍රදේශයේ නියෝජිතයන් එක් වනු ඇතැයි එම සංසදයේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා (11) අදහස් දැක්විය. චීන තායිවාන ප්‍රදේශය ජගත් සංවිධානයන්හි ක්‍රියාකාරකම්වලට එක්වීමේදී එකම චීනය මූලධර්මය පිළිපැදිය යුතු බව ඔහු පෙන්වා දෙයි. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නියම කරන ලද ජගත් සබඳතා මූලධර්මය මෙන් ම ජගත් ප්‍රජාවේ පොදු පිළිගැනීමකි. එකම චීනය මූලධර්මය පිළිපදිමින් තායිවාන ප්‍රදේශයට අදාළ කරුණු නිසි අයුරින් හසුරුවා ගන්නා ලෙස චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පැසිෆික් දූපත් සංසදයේ ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *