චීන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමයට අනුව, මෙම වසරේ ජූලි මාසයේදී චීනය මෝටර් රථ මිලියන 1.043ක් අපනයනය කර තිබේ. එය පසුගිය මාසයට සාපෙක්ෂව සියයට 0.6කින් වැඩි වී ඇති අතර පසුගිය වසරේ සමාන කාලසීමාවට සාපෙක්ෂව සියයට 81.3ක වැඩිවීමකි. ඒ අතරින්, නව බලශක්ති වාහන අපනයනය ඒකක 553,000 දක්වා ළඟා විය. එය පසුගිය මාසයට සාපෙක්ෂව සියයට 5.7ක වැඩිවීමක් සහ පසුගිය කාලසීමාවට සාපෙක්ෂව සියයට 145.5ක වැඩිවීමක් පෙන්නුම් කරයි.
එමෙන්ම පසුගිය ජුනි සහ ජූලි මාසවලදී, චීන මෝටර් රථ අපනයනය අඛණ්ඩව මාස දෙකක් තුළ ඒකක මිලියන 1 ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයකි. එසේම නව බලශක්ති වාහන අපනයනය ද අඛණ්ඩව මාස දෙකක් තිස්සේ චීන සමස්ත මෝටර් රථ අපනයනයෙන් සියයට 50 ඉක්මවා ගොස් ඇත.
