2026 එපෙක් නායක සමුළුවෙන් සාර්ථක ජයග්‍රහණ අත්කර ගැනීම චීන‍යේ අපේක්ෂාවයි – චීන විදේශ ඇමති

2026 එපෙක් නායක සමුළුවෙන් සාර්ථක ජයග්‍රහණ අත්කර ගැනීම චීන‍යේ අපේක්ෂාවයි – චීන විදේශ ඇමති

නොවැම්බර් මාසයේදී චීනයේ Shenzhen නගරයේ පැවැත්වීමට නියමිත එපෙක් සංවිධානයේ නායකයන්ගේ නිල නොවන සමුළුව, කලාපීය අනාගත සංවර්ධනය සඳහා වන වැදගත් සමුළුවක් බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා පවසයි.

විශේෂයෙන් විවිධ පාර්ශ්වයන් සමග එක්ව ‘එපෙක් චීන වසරේ’ අවසන් අදියරේ කටයුතුවල නිරත වෙමින් මෙම නායක සමුළුව තුළින් සාර්ථක ජයග්‍රහණ කරා එළඹීමට චීනය දායක වනු ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.  

‍ඔහු මේ බව පැවසුවේ, ඊයේ (03) බෙයිජිං නුවර සිට වීඩියෝ ආකාරයෙන් පැවති එපෙක් සංවිධානයේ 37 වන විදේශ ඇමතිවරුන්ගේ සහ වාණිජ ඇමතිවරුන්ගේ රැස්වීමට එක්වෙමිනි. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු වන ද වං යී මහතා සහ චීන වාණිජ අමාත්‍ය වං වුන්තොඕ මහතාගේ සම ප්‍රධානත්වයෙන් යුතුව එම රැස්වීම පැවැත්විණ.

එපෙක් සංවිධානයේ සාමාජිකත්වය දරන විවිධ ආර්ථිකයන්හි නියෝජිතයෝ, 2026 වසරේ එපෙක් උසස් නිලධාරීන්ගේ රැස්වීමේ සභාපතිවරයා ඇතුළු පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටියහ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *