2026 වසරේ මධ්‍යම ආසියානු ආර්ථික සහයෝගීතාව පිළිබඳ Tianshan සංසදය 02 වැනිදා කසක්ස්ථානයේ Almaty නගරයේදී ආරම්භ විය. මෙම සංසදයේ තේමාව වන්නේ “මධ්‍යම ආසියාවේ ඔරොත්තු දෙන සම්බන්ධතාවය ශක්තිමත් කර උසස් තත්ත්වයේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම” යන්නයි.
මධ්‍යම ආසියානු කලාපීය ආර්ථික සහයෝගිතා යාන්ත්‍රණයේ (CAREC) සාමාජික රටවල ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්,ජාත්‍යන්තර සංවිධාන සහ බුද්ධි මණ්ඩල විශේෂඥයන් ඇතුළු 300කට අධික පිරිසක් මෙම සංසදයට සහභාගී වූහ. කලාපයේ උසස් තත්ත්වයේ සහ තිරසර ආයෝජන තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රවාහනය, වෙළඳාම, භාණ්ඩ සැපයුම්, බලශක්තිය සහ ඩිජිටල් සම්බන්ධතාවය වැනි ප්‍රධාන ක්ෂේත්රයන්හි අදාළ ප්‍රතිපත්ති සහ සහයෝගිතා මුලපිරීම් පිළිබඳව ද ආරාධිතයන් මෙහිදී සාකච්ඡා කරනු ඇත.
සමාරම්භක උත්සවයේදී චීන මුදල් අමාත්‍ය Lan Fo’an මහතා දේශනයක් පැවැත්වීය. මධ්‍යම ආසියානු රටවල් සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්,”චීන-මධ්‍යම ආසියානු ජීව ගුණය” දැඩි ලෙස ප්‍රවර්ධනය කිරීමටත්,පොදු ඉරණමක් සහිත වඩාත් සමීප චීන-මධ්‍යම ආසියානු ප්‍රජාවක් ගොඩනැගීමටත් චීනය කැමැත්තෙන් පසුවන බව ඔහු ප්‍රකාශ කළේය. එමෙන්ම, මධ්‍යම ආසියාව, යුරේසියානු මහාද්වීපය සම්බන්ධ කෙරෙන “ස්වර්ණමය මංසන්ධියක්” බවට පත් කිරීමට චීනය සහාය දෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
