ආසියා ශාන්තිකර කලාපීය විදත් විකාශකයන්ගේ සංගමයේ 63 වැනි මහා සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (01) පෙරවරුවේ කොළඹදී පැවැත්විණ.
මේ සමුළුවට ආසියා ශාන්තිකර කලාපීය විදත් විකාශකයන්ගේ සංගමයට අයත් රටවල් 66ක විදත් මාධ්‍ය ආයතන 225ක නියෝජිතයෝ එක්ව සිටිති. මහා සමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගි වීම සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සමරු තිළිණයක්ද පිළිගැන්විණ.
කලාපීය මාධ්‍ය ක්ෂේත්රයේ තාක්ෂණික දියුණුව, ක්‍රීඩා විකාශනය සහ මාධ්‍ය අන්තර්ගතයන් පිළිබඳ කරුණු මෙන්ම, කෘත්‍රිම බුද්ධිය මාධ්‍ය ක්ෂේත්රයට යොදා ගැනීම සහ සයිබර් ආරක්ෂාව ඇතුළු වත්මන් මාධ්‍ය ක්ෂේත්රයේ අභියෝග පිළිබඳව එහිදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.
මහා සමුළුවට සමගාමීව තාක්ෂණික සහ විද්වත් කමිටු සැසි වාර කිහිපයක්ද පසුගිය 30 සහ 31 දිනවලදී පැවැත්විණ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා, විදේශීය තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ මාධ්‍ය ක්ෂේත්රයේ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
