ඉම්රාන්ගේ එංග­ල­න්තයේ සිටින පුත්‍ර­යා­ගෙන් අන­තුරු ඇඟ­වී­මක්ඉම්රාන්ගේ

ඉම්රාන්ගේ එංග­ල­න්තයේ සිටින පුත්‍ර­යා­ගෙන් අන­තුරු ඇඟ­වී­මක්ඉම්රාන්ගේ

වසර 2019දී නඩු විභා­ග­යක් අත­ර­තුර ජීවි­ත­ක්ෂ­යට පත්වූ ඊජි­ප්තුවේ හිටපු ජනා­ධි­පති මොහො­මඩ් මොර්සිට අත්වූ ඉර­ණම සිය පියාට ද අත්වනු ඇතැයි පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන්ගේ පුත්‍ර­යකු වන සුලෙ­යි­මාන් ඛාන් ප්‍රකාශ කර තිබේ. ඔහු එංග­ල­න්තයේ ඉන්ඩි­පෙ­න්ඩන්ට් පුවත් සේව­යට සඳ­හන් කර ඇත්තේ ඊජිප්තු රජය එව­කට මොහො­මඩ් මොර්සිට අත්කර දුන් ඉර­ණ­මට සමා­නව සිය පියා ද සිර­ගත කර ඝාත­නය කිරී­මට පාකි­ස්තාන රජය උත්සාහ ගනි­මින් සිටින බවය.

අධි­ක­ර­ණයේ නඩු සිය­ය­කට වඩා වැඩි ප්‍රමා­ණ­ය­කට මුහුණ දී සිටින ඉම්රාන් ඛාන් දිගින් දිග­ටම සිර­ගත කර තැබීම සම්බ­න්ධ­යෙන් ඔහු පාකි­ස්තාන හමු­දා­පති ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර්ට ද චෝදනා කර ඇතැයි ඉන්ඩි­පෙ­න්ඩන්ට් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මොහො­මඩ් මොර්සි වසර 2012 සිට 2013 දක්වා ඊජි­ප්තුවේ ජනා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කර­මින් සිටි­යදී දැඩි ජනතා විරෝ­ධ­යක් එල්ල වූ බවත්, එව­කට හිටපු හමු­දා­පති සහ වත්මන් ජනා­ධි­පති ජෙන­රාල් අබ්දෙල් ෆටා අල් සිසී හමුදා කුම­න්ත්‍ර­ණ­ය­කින් බලය අත්කර ගැනී­මෙන් පසු මොහො­මඩ් මොර්සි අත්අ­ඩං­ගු­වට ගත් බවත් වාර්තා වේ. පසුව විරෝ­ධ­තා­ක­රු­වන් විශාල පිරි­සක් ඝාත­නය කිරීමේ චෝද­නා­වට ඊජි­ප්තුවේ අධි­ක­ර­ණ­ය­කින් මොර්සිට මරණ දඬු­වම නියම කළ බවත් වාර්තා වේ.

2016 දී ඔහුගේ මරණ දඬු­වම අව­ලංගු කර නැවත නඩු විභා­ග­යක් පව­ත්වන ලෙස අධි­ක­ර­ණය නියෝග කර ඇති අතර, ඔහු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇත්තේ එම නඩු විභා­ගය අත­ර­තු­රදී බව වාර්තා වේ. අත්අ­ඩං­ගුවේ පසු­වෙද්දී ඔහුට වෛද්‍ය ප්‍රති­කාර ලබා නොදුන් බවට එව­කට ජනා­ධි­පති අල් සිසීට ජාත්‍ය­න්ත­රයේ දැඩි චෝදනා එල්ල වූ බව ද වාර්තා වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *