සුපිරි පාපන්දු තරුව ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී

සුපිරි පාපන්දු තරුව ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී

පෘතුගාලයෙන් බිහි වූ සුපිරි පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී.

ඒ මෙවර ලෝක කුසලාන පන්දු තරගාවලියේ සුපිරි 16දෙනාගේ තරග වටයේ ස්පාඤ්ඤය සමඟ පැවති තරගය ගෝල 1-0 ක් ලෙස පරාජය වීමත් සමගය.

ඒ අනුව පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා දිවිය, ලෝක කුසලාන ජයග්‍රහණයකින් තොරවම අවසන් වීමට නියමිතය.

ඩලස් (Dallas) නුවර පැවති මෙම තරඟයේ අතිරේක කාලයේදී මිකෙල් මෙරිනෝ ලබාගත් ගෝලයත් සමඟ ස්පාඤ්ඤය ජයග්‍රහණය කළ අතර එහිදී රොනාල්ඩෝ දැඩි ලෙස සංවේදී වෙමින් කඳුළු සලන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.

මේ වන විට 41 වැනි වියේ පසුවන රොනාල්ඩෝ, බැලන්ඩෝර් (Ballon d’Or) සම්මාන 5ක්, චැම්පියන්ස් ලීග් කුසලාන 5ක් සහ 2016 යුරෝ කුසලානය දිනා ඇති අතර, ලෝක වාර්තාවක් තබමින් ගෝල 976ක් ලබාගෙන තිබේ.

ඔහු ලෝක කුසලාන තරඟාවලි 6කදී ගෝල ලබාගත් එකම ක්‍රීඩකයාද වේ.

නමුත් ලෝක කුසලානයකදී ඔහු ලබාගත් උපරිම දක්ෂතාවය වන්නේ 2006 වසරේදී පෘතුගාලය සමඟ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමය.

දැනට ලොව වැඩිම ගෝල සංඛ්‍යාවක් (ගෝල 952ක්) ලබාගෙන සිටින රොනාල්ඩෝ, ක්‍රීඩාවෙන් සමු ගැනීමට පෙර ගෝල 1,000 සීමාව පසු කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේවෙතත් මෙය තමාගේ අවසන් ලෝක කුසලාන තරගය වන බව ඔහු මීට පෙර නිවේදනය කර තිබිණ.

රොනාල්ඩෝ සෑම තරඟයකදීම ආරම්භක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරවීම පෘතුගාල කණ්ඩායමේ පරාජයට හේතුවක්ද යන්න පිළිබඳව මේ වනවිට විවිධ මත පළවෙමින් පවතී. 

පෘතුගාල පුහුණුකරු රොබර්ටෝ මාර්ටිනෙස්ව දැඩි ලෙස විවේචනය කරමින් විචාරකයින් සඳහන් කර ඇත්තේ වයස්ගත වී සිටින රොනාල්ඩෝ වෙනුවෙන් පමණක් කණ්ඩායමේ තීරණ ගැනීම නිසා පෘතුගාලය තරඟාවලියෙන් ඉවතට විසිවූ බවය.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝක කුසලාන තරගාවලි හයකදී (2006, 2010, 2014, 2018, 2022, 2026) ගෝල රැස්කළ එකම හා ප්‍රථම ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වේ.

කෙසේ වෙතත්, ඔහුගේ දිගුකාලීන විශාලතම සිහිනය වූ ‘ලෝක කුසලාන ශූරතාව’ දිනාගැනීම සැබෑ කරගැනීමට අවසානයේ නොහැකි විය.

තරගය අවසන් වීමත් සමග රොනාල්ඩෝගේ දෑස් කඳුලින් පිරී ගිය අතර, ඔහු ක්‍රීඩාලෝලීන්ට අත වනමින් දැඩි සංවේදී ලෙස ක්‍රීඩාංගණයෙන් පිටව ගියේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *