චීනය සහ ෆින්ලන්තය දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කරමින් අභියෝග සඳහා එක්ව මුහුණ දීමට එකඟත්වය පළ කරයි. ෆින්ලන්තයේ Turku නගරයේදී 05 වැනිදා ෆින්ලන්ත ජනාධිපති Alexander Stubb මහතා චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා හමු වූ අවස්ථාවේදී මෙම එකඟතාව ඇති කර ගෙන තිබේ.
එහිදී ෆින්ලන්ත ජනාධිපතිවරයා සිය සුබ පැතුම් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත පිරිනමන ලෙස ඉල්ලා සිටින අතර මීට වසරකට පෙර ඔහුගේ චීන සංචාරය සහ ෂී ජින්පිං මහතා සමග පැවති සාර්ථක හමුව සුවිශේෂ මතකයක් බව සිහිපත් කළේය. චීනය මේ වනවිට දේශපාලන, ආර්ථික, සමාජ ස්ථාවරත්වය සහ විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදනය වැනි අංශවල කැපී පෙනෙන ජයග්‍රහණ සාක්ෂාත් කර ගනිමින් සංවර්ධන ආශ්චර්යයක් නිර්මාණය කර ඇති බව ද ඔහු පැවසීය.
ගෝලීය තත්ත්වය තීරණාත්මක වන අවස්ථාවක චීනය ලෝකයට ස්ථාවරත්වයක් එක් කර ඇති බව ද ඔහු පැවසීය. චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සිව්වැදෑරුම් ගෝලීය මුලපිරුම් ගෝලීය තත්ත්වය පිළිබඳ පුළුල් විවරණයක් සිදු කරන අතර එමගින් අභියෝග සඳහා ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ද පැහැදිලි ව ප්‍රකාශ කර ඇත. එබැවින් එය සුවිශේෂ වැදගත්කමක් දරන බව ඔහු කියාසිටියේය.
චීනය සමග එක්ව උසස් මට්ටමේ සබඳතා ශක්තිමත් කිරීමට, විවිධ අංශවල සහයෝගීතාව පුළුල් කිරීමට මෙන්ම බහුපාර්ශ්වික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ෆින්ලන්තය අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර Wang Yi මහතා චීන ජනපතිගේ සුබ පැතුම් Stubb මහතා වෙත පිරිනැමූ අතර ෆින්ලන්තය සිය ඓතිහාසික පසුබිම සමග පුනර්ජීවනය සහ සංවර්ධනය සාක්ෂාත් කර ගෙන ඇති බව පැවසීය. සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය හමුවේ වර්තමාන ලෝකය කැලෑ නීතියට මුහුණ දෙන අතර එහිදී චීනය ලෝක සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය සඳහා සිය කාර්යභාරය අඛණ්ඩ ව සිදු කරනු ඇත. දෙරට නායකයින්ගේ මඟපෙන්වීම යටතේ ද්විපාර්ශ්වික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහ අභියෝග සඳහා එක්ව මුහුණ දීමට බලාපොරොත්තු වන බව ද Wang Yi මහතා පැවසීය.
මෙම සංචාරය අතරතුරදී Wang Yi මහතා ෆින්ලන්ත විදේශ අමාත්‍ය Elina Valtonen මහත්මිය සමග ද සාකච්ඡා පවත්වා ඇත.
