31වන Shanghai රූපවාහිනී උලෙළේ ‘The Magnolia’ සම්මානලාභීන්ගේ නාමාවලිය ඊයේ(6) ප්‍රකාශයට පත් කෙරිණ. ඒ අනුව චීන මාධ්‍ය සමූහයේ CCTV-9 (වාර්තා නාලිකාව) නිෂ්පාදනය කරන ලද ‘මුදල් පිළිබඳ කතන්දර’(The Fabulous Story of Money) නමැති වාර්තා චිත්‍රපටයට ‘සංවිධායක කමිටු විශේෂ සම්මානය’ හිමි විය.
ගෝලීය දෘෂ්ටිකෝණයකින්, ‘මුදල් පිළිබඳ කතන්දර’වාර්තා චිත්‍රපටය මූල්‍ය ශිෂ්ටාචාරයේ පරිණාමය හෙළිදරව් කරයි. සහස්ර කිහිපයක් පුරා විහිදෙන මෙම කොටස් හතරකින් යුත් වාර්තා චිත්‍රපට මාලාව සඳහා, නිෂ්පාදන කණ්ඩායම චීනය, ප්‍රංශය, ග්‍රීසිය, ඇමරිකාව සහ බොලිවියාව ඇතුළු 10කට අධික රටවල සංචාරය කර ඇත. ගෝලීය වැදගත්කමක් සහිත පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමෙන්, තිහකට අධික ඉහළම ජාත්‍යන්තර විද්වතුන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් මෙම වාර්තා චිත්‍රපට මාලාව නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයකි. පුරාවිද්‍යාත්මක සොයාගැනීම්, කෞතුක වස්තු පර්යේෂණ සහ ඓතිහාසික ස්ථාන හරහා, මුදල්, ශිෂ්ටාචාර හැඩගැසීම, හුවමාරුව පුළුල් කිරීම සිදු වූ ආකාරය සහ ඉන් ලෝකය වෙනස් වූ ආකාරය එම වාර්තා චිත්‍රපට මගින් විදහා පා ඇත.
