තම හමුදාව අත්හදා බැලීමක් වශයෙන් සබ්මැරීනයකින් උපායමාර්ගික මිසයිලයක් නිකුත් කිරීම පිළිබඳ චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක චෙන් ෂී මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(7) මාධ්‍ය හමුවක් පැවැත්විණ.

චීනය අත්හදා බැලීමක් වශයෙන් සබ්මැරීනයකින් උපායමාර්ගික මිසයිලයක් නිකුත් කිරීම පිළිබඳව ඇමරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය මෙන්ම නේටෝ සංවිධානය ද සිය අවධානය යොමු කර ඇති බවත්, මේ පිළිබඳ චීනයේ අදහස කුමක් දැයි ද මාධ්‍යවේදියෙක් එහිදී විමසීය.

චීන නාවික හමුදාව අත්හදා බැලීමක් වශයෙන් සැබ්මරීනයකින් උපායමාර්ගික මිසයිලයක් නිකුත් කර ඇති බවත් එහි නියමිත අරමුණු ඉටු වී ඇති බවත් චෙන් ෂී මහතා තහවුරු කර ඇත. මෙය, චීන හමුදා වාර්ෂික පුහුණුවේ සාමාන්‍ය කාර්ය විධිවිධානක් වන අතර එය ජාත්‍යන්තර නීතියට සහ භාවිතයට අනුකූල වේ. අදාළ රටවලට චීනය කලින්ම දැනුම් දී තිබිණ. ඉන් චීන හමුදා පාර්ශ්වයේ විවෘත ආකල්පය හා විනිවිදභාවය පිළිබිඹු වූ බව ද චෙන් ෂී මහතා ප්‍රකාශ කළේය.

සාමකාමී සංවර්ධන මාවත අනුගමනය කරන චීනය, ස්වයං ආරක්ෂණ ප්‍රතිපත්තිය හා ආත්මාරක්ෂක න්‍යෂ්ටික උපාය මාර්ගයක් පවත්වා ගනී. ජාතික ආරක්ෂාවට අවශ්‍ය අවම මට්ටමේ න්‍යෂ්ටික බලවේග පවත්වාගෙන යන අතර, සෙසු රටවල් සමග හමුදාමය න්‍යෂ්ටික සංචිතය පිළිබඳ තරග වැදීමට චීනයට කැමැත්තක් නොමැත. චීනය සිය න්‍යෂ්ටික බලවේගය නවීකරණය කරන්නේ රටේ උපායමාර්ගික ආරක්ෂාව සහතික කරමින් ගෝලීය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *