මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 100,000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මස 20 වැනිදා වනවිට මෙරටට පැමිණි විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව 107,093ක් වන අතර, එය පෙර වසරට සාපේක්ෂව වර්ධනයක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, සැප්තැම්බර් මාසයේ මුල් සති තුන තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව 100,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. එම කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක වෙළෙඳපොළට වැඩිම දායකත්වයක් ලබා දෙන රට ලෙස ඉන්දියාව පෙරමුණේ පසු වේ.
සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයන් 32,536 දෙනකු පැමිණ ඇති අතර, එය එම මාසය තුළ පැමිණි සමස්ත සංචාරකයන්ගෙන් සියයට 30ක පමණ ප්රතිශතයකි. දෙවනුව වැඩිම සංචාරකයන් පැමිණි ප්රභවය ලෙස එක්සත් රාජධානියෙන් සංචාරකයන් 7,906 දෙනකු සහ තෙවැනි ස්ථානයට පැමිණි ඔස්ට්‍රේලියාවෙන් 7,393 දෙනකු වාර්තා වී ඇත. චීනය (6,409) සහ ජර්මනිය (5,440) පිළිවෙළින් සිව්වැනි සහ පස්වැනි ස්ථාන ලබා ගනිමින් ප්‍රධාන සංචාරක වෙළෙඳපොළවල් අතර ඉදිරියෙන් සිටී.
සැප්තැම්බර් මාසයේ මෙම වර්ධනයත් සමඟ, 2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,642,215 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ කාලසීමාව තුළ ද පැමිණීම් 418,019ක් වාර්තා කරමින් ඉන්දියාව විශාලතම දායකත්වය ලබා දී ඇත. එක්සත් රාජධානියෙන් සංචාරකයන් 157,895 දෙනකු ද, චීනයෙන් 107,237 දෙනකු ද, ජර්මනියෙන් 95,441 දෙනකු ද සහ ඔස්ට්‍රේලියාවෙන් 83,431 දෙනකු ද මෙරටට පැමිණ තිබේ.
