විදේශ ඇමති විජිත හේරත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට අමෙරිකාවට

විදේශ ඇමති විජිත හේරත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට අමෙරිකාවට

එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (26) ශ්‍රී ලංකා දූත පිරිස සමඟ ඇමෙරිකාවේ නිව්යෝර්ක් බලා පිටත්වීමට නියමිතය.

සැප්තැම්බර් 22 සිට 28 දක්වා පැවැත්වෙන මහා මණ්ඩලයේ ඉහළ පෙළේ විවාදයේදී, සැප්තැම්බර් 28 වැනිදා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයා නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙවර මහා මණ්ඩල සැසිවාරය “විශ්වාසය යළි ගොඩනැඟීම, පරිවර්තනය කළමනාකරණය කිරීම සැමට ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” යන තේමාව යටතේ පැවැත්වේ.

සැසිවාරයට සමගාමීව විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඇතුළු එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

එම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා මෙන්ම ජාත්‍යන්තර සහයෝගීතාව, වෙළෙඳ හා ආයෝජන අවස්ථා සහ සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *