පිලිපීන ජාතිකාරක්ෂක ඇමති Gilberto Teodoro ගේ දේශපාලන රඟපෑමෙන් එරටේ හා එම ජනතාවගේ යහපතට හානි සිදු වනු ඇතැයි චීනය පෙන්වා දෙයි.
Gilberto Teodoro අද (12) උදෑසන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන්ගේ වගකීම් පෙර සේ අඛණ්ඩව ඉටු කරනු ඇති බවය. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් චියෙන් මහතා අද(12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය.
Gilberto Teodoro සිය වැරදි ක්‍රියාකලාපය නිවැරදි නොකර දිගටම දේශපාලන රඟපෑමක් සිදු කරමින් සිටී. ඔහු වැනි වගකීම් රහිත සුළු පිරිසක් නිසාවෙන් මෙතෙක් චීන-පිලිපීන සම්බන්ධතා වඩාත් පිරිහීමකට ලක්ව ඇතැයි ලින් චියෙන් මහතා එහිදී කියා සිටියේ ය. පිලිපීන ජාතිකාරක්ෂක ඇමතිවරයාගේ එවන් ක්‍රියාකලාප හේතුවෙන් අවසානයේ පිලිපීනයට හා පිලිපීන ජනතාවගේ යහපතට හානි සිදු වනු ඇති බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
