48වන ලෝක කුසලතා තරගාවලිය සැප්තැම්බර් 22 සිට 27 දක්වා ෂැංහයි නගරයේදී පැවැත්වීමට නියමිත බව චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය නිවේදනය කරයි.
එම තරගාවලිය ෂැංහයි නගරයේ පිහිටි චීන ජාතික ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන අතර, ඉසව් 64 ක් ඇතුළත්ය. නිෂ්පාදනය, ප්‍රවාහනය, ගෘහ නිර්මාණය, තොරතුරු තාක්ෂණය, නිර්මාණාත්මක කර්මාන්ත සහ සේවා යන ක්ෂේත්‍ර මෙමගින් ආවරණය වේ. මේ වන විට, සියලුම තරග ස්ථාන සඳහා සැලසුම් යෝජනා ලෝක කුසලතා සංවිධානය විසින් අනුමත කර ඇති බව ද ප්‍රකාශ කෙරිණ.
ලෝක කුසලතා තරඟය ලොව ඉහළම මට්ටමේ වෘත්තීය කුසලතා තරඟය ලෙස සැලකේ.
