චීනයේ 18 වැනි තායිවාන සමුද්‍ර සන්ධි සාකච්ඡා මණ්ඩපය ඇරඹේ

චීනයේ 18 වැනි තායිවාන සමුද්‍ර සන්ධි සාකච්ඡා මණ්ඩපය ඇරඹේ

චීනයේ 18 වැනි තායිවාන සමුද්‍ර සන්ධි සාකච්ඡා මණ්ඩපය අද (13) දකුණු චීනයේ Fujian පළාතේ Xiamen නගරයේදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ ස්ථාවර කමිටු සාමාජික, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපති Wang Huning මහතා ඊට සහභාගි වී දේශනයක් ඉදිරිපත් කර ඇත. 

චීන මහ ගොඩබිම හා තායිවානය එකම චීනයට අයත් මෙන්ම පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් වේ. තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස ස්වදේශිකයන් ‍ඓතිහාසික වශයෙන් නිවැරදි පැත්තේ මෙන්ම ජාතියේ යුක්ති සහගත පැත්තේ සිටිය යුතු බවත් චීන ජාතියේ පොදු ඉරණමක් සහිත චින්තනය ස්ථිර ලෙස අනුගමනය කළ යුතු බවත් Wang Huning මහතා ප්‍රකාශ කළේය. ‘තායිවාන බෙදුම්වාදීන්ට’ හා බාහිර මැදහත්වීමට දැඩි ලෙස විරුද්ධ වී චීන ජාතියේ පොදු නිවහන සුරක්ෂිත කිරීම, ගොඩනැගීම මෙන්ම සංවර්ධනය කිරීම සඳහා උපරිම දායකත්වය දිය යුතු බවද හෙතෙම පැවසීය. තායිවාන ස්වදේශිකයන් සමග රටේ සංවර්ධන අවස්ථා හා ජයග්‍රහණ බෙදා ගැනීමට චීන මහ ගොඩබිම සූදානමින් සිටී. සමුද්‍ර සන්ධි දෙපස හුවමාරු, සහයෝගිතා මෙන්ම එක්සත් වීමේ ප්‍රවණතාවට තායිවාන පුරවැසියන් හා ව්‍යවසායන් එක්ව ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් මහ ගොඩබිමේ සංවර්ධනය හා නවීකරණයට තායිවාන ස්වදේශිකයන් සහභාගිවීම පිළිගන්නා බවද හෙතෙම සඳහන් කළේය. 

තවද, තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස ස්වදේශිකයන් විශේෂයෙන්ම තරුණයන් චීන ජාතිය, චීන සංස්කෘතිය මෙන්ම මව්රට සතු අනන්‍යතාවය ශක්තිමත් කළ යුතුය. චීන ජාතියේ මහා පුනර්ජීවනයේ සුන්දර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස තරුණයන් ඇතුළු ස්වදේශිකයන් එක්ව උත්සාහ දරමින් චීන ජාතියේ නව ජයග්‍රහණ දිනා ගත යුතු බවද Wang Huning මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *