නවෝත්පාදන හැකියාවන් ඔස්සේ රටට සේවය කරන්නැයි විද්‍යා හා තාක්ෂණ සේවකයින්ගෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ(CPC) ජ්‍යෙෂ්ඨ නිලධාරි Cai Qi මහතා ඉල්ලා සිටී. ඒ සඳහා විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ ඉහළ සංවර්ධනයක් සහ ශක්තියක් සාක්ෂාත් කර ගැනීමේ ප්රයත්නයට එක් වන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය. හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ(08) බෙයිජිංහිදී පැවති චීන විද්‍යා හා තාක්ෂණ සංගමයේ 11 වැනි ජාතික මහා සමුළුවේ දෙවන පූර්ණ සැසිවාරය අමතමිනි.
2026-2030 වසර ආවරණය වන පරිදි ඉදිරිපත් කර ඇති 15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය චීනයේ සමාජවාදී නවීකරණය සාක්ෂාත් කර ගැනීමේ තීරණාත්මක අවධියක් පමණක් නොව, චීනය විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ ලොව ප්රමුඛ රාජ්‍යයක් ලෙස ගොඩනැගීම සඳහා වන දුෂ්කර අභියෝගවලට මුහුණ දීමේ වැදගත් අවධියක් බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේය.
විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ රැකියාවල නියුක්තව සිටින පුද්ගලයින් සිය කාර්යභාරය නිසි ලෙස ඉටු කරනු ඇති අතර විද්‍යා හා තාක්ෂණ සංවර්ධනය ඔස්සේ සමාජ ප්‍රගතියට මගපෙන්වමින් කටයුතු කරනු ඇත. එමෙන්ම විවෘතභාවය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කරමින් රටට සහ ජනතාවට සේවය කිරීමට සිය ශක්‍යතාවන් භාවිත කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
